සෙලාන් බැංකුවේ COVID-19 වසංගතයට එරෙහි සටනේ එකතුව රු. මිලියන 20ක් වෙයි | සිළුමිණ

සෙලාන් බැංකුවේ COVID-19 වසංගතයට එරෙහි සටනේ එකතුව රු. මිලියන 20ක් වෙයි

සෙලාන් බැංකුව ජනාධිපති අරමුදල සඳහා රු. මිලියන 2.5 ක මුදලක් මැයි මස 5 වනදා අගමැති ගරු මහින්ද රාජපක්ෂ මහතා වෙත පරිත්‍යාග ක‍ළේය. ඊට අමතරව, සෙලාන් බැංකුව බස්නාහිර පළාතේ පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව සඳහා මුහුණු ආවරණ 5,500 ක්ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය සමිතිය වෙත මුහුණු ආවරණ 3,000 ක්ද ප්‍රදානය කිරීමට කටයුතු කළේය.

මෙවැනි පරිත්‍යාග හරහා මෙරට වසංගත තත්ත්වය පාලනය කිරීමට අප අඛණ්ඩව කැපවන බවට ප්‍රතිඥා ලබා දීමට මෙය අවස්ථාවක් කර ගන්නවා. තම දිනක වැටුප පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වූ අපගේ කාර්යමණ්ඩල සාමාජිකයන් නොවන්නට මෙම පරිත්‍යාග යතාර්ථයක් බවට පත් නොවන්නට තිබුණා.

ඔවුන්ගේ දායකත්වයට සමාන දායකත්වයක් බැංකුව ද ලබා දුන් අතර එම සහයෝගිතාව හරහා සැලකිය යුතු මුදලක් මෙම ජාතික කර්තව්‍යය සඳහා එක්රැස් කර ගැනීමට අපට හැකි වුණා.

අපගේ සියලු ම පාරිභෝගිකයන් හට ආර්ථික අභියෝග ජය ගැනීමට සහයෝගය ලබා දෙමින් අඛණ්ඩව බැංකුකරණ සේවා ලබා දෙන අතරතුර මෙවැනි දායකත්වයක් ලබා දීමට හැකි වීම පිළිබඳ අප බෙහෙවින් සතුටු වනවා" යනුවෙන් සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න මහතා සඳහන් කළේය.

Covid-19 වසංගතය පැරදවීම සඳහා ජාතික වශයෙන් දියත් කෙරෙන ප්‍රයත්නයට දායකත්වය ලබා දෙමින් සමස්ත ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමත්, සියලු පාරිභෝගික ජනතාවගේ මුල්‍ය යහපත තහවුරු කිරීමත් සෙලාන් බැංකුවේ අරමුණයි.

Comments