නාගරාජ ශාක්‍ය පුත්‍ර ඥාති වෛද්‍ය රක්ෂණ ක්‍රමය ඇරැඹෙයි! | සිළුමිණ

නාගරාජ ශාක්‍ය පුත්‍ර ඥාති වෛද්‍ය රක්ෂණ ක්‍රමය ඇරැඹෙයි!

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ‘නාගරාජ ශාක්‍ය පුත්‍ර ඥාති‘ වෛද්‍ය රක්ෂණ ක්‍රමය හඳුන්වාදීම අගමැති මහින්ද රාජපක්ෂයන්ගේ ප්‍රධානත්වයෙන් ජනවාරි 8 සිකුරාදා සිදු කෙරිණි. මේ යටතේ භික්ෂූන් වහන්සේගේ හා දසසිල් මාතාවන්ගේ මව පියා හෝ සහෝදර සහෝදරියන් රජයේ රෝහලක හෝ පෞද්ගලික රෝහලක රෝහල්ගත වීමකදී දිනකට රුපියල් 1000 බැගින් ගෙවනු ලබන අතර වෛද්‍ය පරීක්ෂණයකදී හෝ ඖෂධ සඳහා රුපියල් 25,000ක උපරිමයක් දක්වා ගෙවනු ලැබේ. මෙහි වාර්ෂික දායකත්වය රුපියල් 2,000ක් පමණ වන අතර එය පුණ්‍ය කටයුත්තකදී සැදැහැවතුන්ට පූජා කිරීමේ හැකියාව ඇත. ශ්‍රී ලංකාවේ විහාරස්ථාන 9,962ක් ඇති අතර ඒවායේ වැඩසිටින භික්ෂූන් වහන්සේගේ සංඛ්‍යාව 40,595කි. මින් 19,580ක් උපසම්පදා භික්ෂූන් වන අතර සෙසු පිරිස සාමණේර හිමිවරුන්ය. ඊට අමතරව දසසිල්මාතාවන් 2,168ක්ද ශ්‍රී ලංකාවේ වැඩ වසති.

Comments