ශ්‍රීලංකා ටෙලිකොම් සහ මොබිටෙල් එක්වෙයි | Page 2 | සිළුමිණ

ශ්‍රීලංකා ටෙලිකොම් සහ මොබිටෙල් එක්වෙයි

ජාතික තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ (ICT) විසඳුම් සම්පාදක ලෙස අසමසම බලවේගයක් ගොඩනගමින් ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) සහ SLT මොබිටෙල් සිය ඒකාබද්ධ සන්නාම අනන්‍යතාව 2021 ජනවාරි මස 01 වැනිදා ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන කාර්යාලයේදී ජනගත කළේය. එම සන්නාම දෙකෙහි සේවා ඒකාබද්ධ කෙරෙන එම ඓතිහාසික අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහ සභාපති රොහාන් ප්‍රනාන්දු, එම සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න, ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා, SLT මොබිටෙල් වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී චන්දික විතාරන සහ ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහූ රැසක් සහභාගී වූහ. වසර 163 කට අධික කාලයක පටන්, ශ්‍රී ලංකා ටෙලිකොම් ස්ථාවර, ජංගම සහ වෙනත් මෙහෙයුම් අංශ තුළ සිය මෙහෙයුම් කටයුතු සිදුකරමින් මෙරට සබඳතා අවශ්‍යතා සපුරාලීමට පුරෝගාමී මෙහෙවරක් සිදු කර ඇත. ශ්‍රී ලංකා ටෙලිකොම් මෙරට ස්ථාවර දුරකථන සබඳතා ක්ෂේත්‍රයේ අසමසම වෙළඳපොළ ප්‍රමුඛයා ලෙස ද මොබිටෙල් මෙරට ජංගම දුරකථන සේවා ක්ෂේත්‍රයේ සංධිස්ථානයක් සනිටුහන් කළ සන්නාමය ලෙස ද අත්වැල් බැඳ ගනිමින් ඩිජිටල්කරණය හරහා ජනතාව සවිබල ගැන්වීම සහ ව්‍යාපාර පරිණාමනයට ලක් කිරීම තුළින් මෙරට ජනතාව සවිබල ගැන්වීමට කටයුතු කරයි. 

Comments