realme C15 දුරකථනය හඳුන්වා දෙයි | සිළුමිණ

realme C15 දුරකථනය හඳුන්වා දෙයි

‘realme’ ජංගම දුරකථන සන්නාමය, මෙරට තාරුණ්‍යය වෙනුවෙන් පහසු හා නව්‍යකරණ ජංගම දුරකථන හා උපාංග පෙළක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. විශේෂයෙන් ම මෙරට ස්මාට් ජංගම දුරකථන භාවිත කරන තරුණ පිරිස් සවිබල ගැන්වීමේ අරමුණින් realme මෙරට වෙළෙඳපොළට අවතීර්ණ වූයේ ද නවීනතම දෘඪාංග හා මෘදුකාංග සම්මිශ්‍රණයකින් මෙන්ම ආකර්ෂණීය මිල ගණන් යටතේ ඉදිරිපත් කර ඇති C series දුරකථන පෙළ හරහා ය.

පැය 26 සිට 119 දක්වා භාවිත කාලයක් ලැබෙන 6,000 mAh අධිබල බැටරිය ඒ අතර ප්‍රධානය. C15 දුරකථනය 6,000 mAh බැටරියක් සමඟ නිපදවා තිබේ. ඒ හරහා පැය 14කට වැඩි MLBB (Mobile Legends: Bang Bang) වීඩියෝ ක්‍රීඩා කාලයක්, පැය 26.8කට වැඩි මාර්ගගත චිත්‍රපට නැරඹුම් කාලයක්, පැය 119ක මාර්ගගත සංගීත රසවිඳීමේ කාලයක් ද පරිශීලකයින්ට හිමි වේ. ඊට අමතරව 18W ක්ෂණික ආරෝපණ (quick charging) හැකියාවෙන් ද යුතු නිසා මිනිත්තු 30ක් ඇතුළත C15 දුරකථනයේ 28%ක බැටරි ධාරිතාවක් ලබාගැනීමේ හැකියාව පවතී.

C15 දුරකථනයේ බැටරි ධාරිතාව ආරක්ෂා කරගැනීම වෙනුවෙන් 'App Quick Freeze' නමින් තවත් විශේෂාංගයක් හඳුන්වා දී තිබේ. එමගින් භාවිත නොකරන දුරකථන යෙදවුම් (apps), දුරකථන පසුබිමින් ඉවත් කෙරේ. තව ද බැටරි ආයුකාලය වර්ධනය කිරීම සඳහා ක්‍රමානුකූලව ජංගම දුරකථන තිරයේ අධි බැටරි පරිභෝජනය අඩු කිරීමේ Screen Battery Optimization තාක්ෂණය ද මෙම දුරකථනයේ අන්තර්ගත වේ.

C15 දුරකථනයේ f/2.2 aperture සහ 4x zoom තාක්ෂණය සමඟින් ඕනෑම ස්ථානයක, ඕනෑම වේලාවකදී සුපැහැදිලි ඡායාරූප ලබාගත හැකි මෙගා පික්සල් 13 ප්‍රධාන කැමරාවක් අඩංගු වේ.

Comments