Singer Care ඇප් එක නිසා පැය 24 පුරා සේවාවක් | සිළුමිණ

Singer Care ඇප් එක නිසා පැය 24 පුරා සේවාවක්

සිංගර් නව තාක්ෂණය භාවිතයෙන් නවතම යෙදවුමක් (App) පාරිභෝගිකයන් වෙත හඳුන්වා දී තිබේ.

සිංගර් හඳුන්වා දී ඇති මෙම නවතම Singer Care යෙදවුම මගින් සිංගර් පාරිභෝගිකයන් හට පැය 24 පුරාම, සිංගර් වෙතින් මිලදී ගත් භාණ්ඩ සම්බන්ධයෙන් අලෙවියෙන් පසු සේවා පහසුකම සලසා දී තිබීම විශේෂත්වයකි.

Google play store හා Apple store මගින් බාගත කරගත හැකි මෙම Singer Care යෙදවුම (App) ඔස්සේ, පාරිභෝගිකයන්ට නිවසේ සුවපහසුව රැඳී සිටින අතරතුර, සිංගර් වෙතින් මිලදී ගත් නිෂ්පාදන සඳහා අලුත්වැඩියා සිදු කර ගැනීමට හැකියාව පවතී. මෙම යෙදවුම ක්ලික් කිරීමෙන්, සිංගර් සේවා ලබා ගැනීම සඳහා තාක්ෂණික නිලධාරියකු වෙන් කරවා ගැනීමට පාරිභෝගිකයන්ට හැකියාව පවතින අතර, කිසිදු කරදරයකින් තොර අලෙවියෙන් පසු සේවාවක් එමගින් ඔවුන් වෙත සැලසේ.

පාරිභෝගික භාණ්ඩ අලෙවියේ වෙළෙඳ පොළ ප්‍රමුඛයා වන සිංගර් ශ්‍රී ලංකා සම­ාගම, පාරිභෝගික අවශ්‍යතාවන්ට ගැළපෙන විශිෂ්ටතම සේවාවක් පිරි නැමීම හේතුවෙන්, දිවයින පුරා ව්‍යාප්ත ශක්තිමත් පාරිභෝගික පදනමක් ඒ සතුව පවතී. එමෙන්ම, දිනෙන් දින වර්ධනය වන එම පාරිභෝගික පදනමට සරිලන පරිදි, උසස් තත්ත්වයේ ජාත්‍යන්තර සන්නාම පාරිභෝගිකයන් හට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්ද, සිංගර් ප්‍රසිද්ධියක් උසුලයි.

Comments