ට්‍රම්ප්ගේ ආධාරකරුවෝ වොෂිංටනය වටලති | සිළුමිණ

ට්‍රම්ප්ගේ ආධාරකරුවෝ වොෂිංටනය වටලති

තමන් ඇමරිකාවේ හතළිස් පස් වැනි ජනාධිපතිවරයා බවත්, මැතිවරණ ප්‍රතිඵලය තමන් පිළිනොගන්නා බවත් සඳහන් කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් පළ කළ ට්වීටර් පණිවිඩයත් සමඟම ඔහුගේ ආධාරකරුවෝ දහස් ගණනින් වොෂිංටන් නගරයේ පරිපාලන ගොඩනැගිලි වටකරමින් උද්ඝෝෂණයේ යෙදෙමෙන් සිටිති. මේ අත්දැකීම ඇමරිකා ඉතිහාසයේ මෙතෙක් කිසිදා සිදු නොවූ සිදුවීමක් බවද සඳහන් කළ යුතුය.

කොංග්‍රස් මණ්ඩල නායිකා නැන්සි පෙලෝසි පසුගියදා සඳහන් කර සිටියේ පසුගිය 7වැනිදා බයිඩ්න්ගේ කැබිනට් මණ්ඩලය වැඩ බාර ගන්නා බවයි. ඒ සමඟම ට්විටර් පණිවිඩයක් නිකුත් කළ ට්‍රම්ප් තම පාක්ෂිකයන් පෙලෙඹෙන අන්දමින් කටයුතු කිරීම හේතුවෙන් මෙවැනි විරෝධතා ඇති වූ බව බටහිර මාධ්‍ය පෙන්වා දී තිබේ. ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵලය ඉතා විනිවිද භාවයෙන් තොරව තහවුරු කර තිබියදීත් ට්‍රම්ප් පරාජය පිළිනොගැනීම සැබවින්ම හාස්‍ය උපදවන කරුණක් වී තිබේ.

කෙසේ වුවද රිපබ්ලිකන් පාක්ෂිකයන් කෝපයට පත්ව කළ පහරදීම් හේතුවෙන් කොංග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ලට හානි සිදුවූ අතර එහි ඇතුළත සිටි සභිකයන්ට තම ජීවිතාරක්ෂාව පතා කටයුතු කිරීමට සිදුවිය. මේ අතර පසුගිය බදාදා දිනයේදී වොෂිංටන් නගරයට ඇඳිරි නීතිය දැමීමට බලධාරීන් කටයුතු කළ අතර පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ගැනීම් හේතුවෙන් මේ වන විට එක් කාන්තාවක් මියගොස් ඇති බවද සඳහන්ය.

උද්ඝෝෂණ අවස්ථාවේදී සෙනෙට් සභිකයන් ආරක්ෂාව පතා මේස යටට රිංගා ආවරණ ලබා තිබේ. එසේ කිරීමට හේතුව වී ඇත්තේ උද්ඝෝෂකයන් සෙනෙට් මන්දිරයට ගල්මුල් එල්ල කිරීමය. මේ කඩාකප්පල්කාරී ක්‍රියා හේතුවෙන්ම නගරයට දැඩි සේ ඇඳිරි නීතිය පනවා ඇති අතර නගර වැසියන්ට අත්‍යවශ්‍ය කරුණකට හැර නිවෙස්වලින් පිටවීම තහනම් කර තිබේ. ලබන විසි වැනිදා ජයග්‍රහාක ජෝ බයිඩ්න් ජනාධිපතිධූරයේ දිවුරුම් දීමට නියමිත අතර ඒ වන විට ට්‍රම්ප් කිනම් අන්දමකින් කටයුතු කරයිද යන්න සැකසහිත බව සිදුවෙමින් පවතින මේ සිදුවීම් දෙස බැලූ විට තහවුරු වේ. ඒ සමඟින් මෙම විරෝධතා හේතුවෙන් බ්‍රහස්පතින්දා සවස් වන විට මියගිය සමස්තය පහ දක්වා ඉහළ ගොස් තිබේ

 

Comments