‘ඕපා­දූප කියන්නේ මොන­ව­ටද?’ | සිළුමිණ

‘ඕපා­දූප කියන්නේ මොන­ව­ටද?’

‘ඉංග්‍රීසියෙන් ඕපාදූප වලට කියනනේ ගොසිප් කියල’ ඕපාදුප හටගන්නේ නිශ්චිත වැටහීමක් නැතිව කටින් කට පැතිර යන කටකතාවලින්.’

‘ඉතින් හැම කටකතාවක්ම ඕපාදූප ද?’

‘එහෙමම කියන්න බැහැ. ඒත් කටක් තිබුණු පළියට දොඩවල තමනුත් නොදන්නා අගක් මුලක් නැති කතා වලින් කෙනෙක් තව කෙනෙකුගෙන් මුළා වෙන්න පුළුවන්.’

‘එහෙමනම් කෙනෙක් තවත් කෙනෙක් මුළා කරන කතා වලටද ඕපාදූප කියන්නේ?’

‘එහෙමනම් කෙනකු වත් කෙනෙකු මුළා කරන කතා වලටද ඕපාදූප කියන්නේ?

‘එහෙම කිව්වත් වරදක් නැහැ. හැබැයි ඊටත් වඩා ටිකක් ඈතට යන්න පුළුවන්.’

‘ඒ කොහොමද?’

‘සිද්ධ වීමට පුළුවන් වුණත් තවත් සිදු ‌ෙනාවූ සිද්ධියක් නුවුවමනා ලෙස කීම ඕපාදූපයක් වෙන්නට පුළුවන්.’

‘ඒ විතරක්නොවෙයි’ ඒ සිද්ධියට තව තවත් පොහොර දමලා තරමක් අද්භූත ගතියක් මවා පෑමත් ඕපාදූපවල ස්වරූප ලෙස සලකන්නට පුළුවන්.’

‘වෙන මොනවද ඕපාදූපයේ ලක්ෂණ?’

‘තවත් ප්‍රධාන කාරණයක් තමයි නිශ්චිත ලෙස අගක් මුලක් නැත්නම් සිද්ධි මූලාශ්‍රයක් නැතිව ගොතන ලද වැල්වටාරමක් බොහෝදුරට ඕපාදූපයක් විදිහට පැතිරී යාමට ඉඩ තියෙනවා.’ ‘නූතන තාක්ෂණවේදයට අනුකූලව ඕපාදූව පතුරුවා හැරීම පහසු වෙලා.’

‘ඒ කොහොමද එහෙම වෙන්නේ?’

‘හැම රටකටම වාගේ වගකීමකින් තොරව පුවත්පත්කලාවට ඇතුළු වෙලා තිබෙනවා තීරු රචනා සමුදායක්’ ඒවායේ බොහෝ විට දැකගැනීමට ලැනේනේ පුද්ගලයන් පිළිබඳවත්” සිද්ධීන් පිළිබඳවත් මනෝමය වශයෙන් ගොතපු ඕපාදූප තීරු. ඒවාට කියන්නේ ගොසිප් කොලම්ස් කියල.’

‘ඇයි ඒවා පළවෙන්නේ?’

‘පාඨකයා ඇඳ බැඳ තබාගැනීමටත් ඒවායේ අපූරු ශක්තියක් තියෙනවා කියල විශ්වාසයක් ඇති කරල තිබෙනවා.’

‘එමගින් අනිශ්ට ප්‍රතිවිපාක ලැබෙන්නේ නැද්ද?’

‘මොකද නැත්තේ? පාඨක ජනතාව කෙමෙන් මුග්ධ ලෝකයකට ඇදවැටෙනවා.’

‘හැබැයි මේ ක්‍රියාදාමය ඔය පුවත්පත් මාධ්‍යයට පමණක් සීමා වෙන්නේ නෑ. ගුවන්විදුලි මාධ්‍යයෙන් වෙන්න පුළුවන්. රූපවාහිනි මාධ්‍යයෙන් වෙන්න පුළුවන්.’

‘ඇයි නව මාධ්‍ය කියල හඳුන්වන මුහුණුපොත් සංස්කෘතියෙන් නොඅඩුව සිද්ධ වෙන්න පුළුවන් නේද?’

‘ඉතින් ඒවා මැඬපවත්වන්න බැරිද?’

‘එක පැත්තකින් මැඬපවත්වනකොට තවත් පැත්තකින් විසිරී යනවා.’

‘මොකද්ද විසඳුම?’

‘උගතුන් අහන ප්‍රශ්නයක්. භාවිතය හා අවභාවිතය අතර වෙනස දන්නා විචක්ෂණශීලී පරපුරක් බිහි කරන්නට වෙනවා.’

‘ඒක කරන්නේ කොහොමද?’

‘සන්නිවේදන අධ්‍යයනය විචාරශීලී ලෙස ඉගැන්වීමට සිදු වෙනවා’ ඒ සඳහා අපි මීට පෙරදීත් කතාබහ කළ ගුරුභූමිකාව පලදායක ලෙස යොදා ගැනීමට සිදු වෙනවා.’

‘අපි ජීවත් වෙන්නේ මුළාවෙන් පිරුණු ලෝකයක කියල වෙලාවකට හිතෙනවා.’

‘ඒක යහපත් දාර්ශනික සන්නිවේදන සංකල්පයක් වශයෙන් සලකන්නට වෙනවා.’

‘ඒ විතරක්ද? අපි ජීවත්වෙන්නේ මිථාවන් වපුරන සමාජයක කියලත් හිතෙනවා.’

‘සන්නිවේදන අධ්‍යයනය උගන්වන මිථ්‍යාව කුමක්ද” විද්‍යාව කුමක්ද කියල දෙන්න ඕන.’

‘ඒ සඳහා හොඳම සංවාද කෙමෙන් ගොඩනැගෙන්න වෙන්නේ පන්ති කාමරේයිද. පන්ති කාමරයේදි ගොඩනැගෙන සංවාදය කෙමෙන් පන්තියෙන් පිටතට යනවා. තවත් තැන් තමයි දම්සභා මණඩප. විවාද මණ්ඩප, කතිකා මණ්ඩප, සංකථන සංවාදයක් නැති තැන සන්නිවේදනයක් කොයින්ද යන ප්‍රශ්නය තමයි කවදත් අහන්නට වෙන්නේ. පැරණි වුණත්, සිද්ධියක් අරගෙන ඒ සිද්ධිය සංවාදයකට හැරවීම තමයි ලෝකෙ කවදත් සිද්ධ වෙලා තිබෙන්නේ. ඒකපාර්ශ්වීය සන්නිවේදන (Unlinear Communication) වෙනුවට බහුපාර්ශ්වීය සන්නිවේදනය (Linear Communication) තමයි ඵලදායක වෙන්නේ.

Comments