මහා­ධි­ක­ර­ණ­යෙන් නිද­හස් ජොන්ස්ටන් වැවට බසී! | සිළුමිණ

මහා­ධි­ක­ර­ණ­යෙන් නිද­හස් ජොන්ස්ටන් වැවට බසී!

මේ මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු නිකවැරටිය මාගල්ල වැවේ විනෝදයට ඔරු පදින දසුනක් නොවේ. දේශීය මත්ස්‍ය වගාව ප්‍රචලිත කිරීම සඳහා ‘කැටිලා’ මත්ස්‍ය පැටවු සහ මිරිදිය ඉස්සන් වැවට මුදාහැරීමෙන් පසු ගනු ලැබූ ඡායාරූපයකි. ශ්‍රී ලංකාවේ වැව්වලින් වයඹ පළාතේ ඇති වැව් සංඛ්‍යාව 6,266කි. මෙම වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ ‘වාරි සෞභාග්‍යා‘ වැඩසටහන දැන් කුරුණෑගල දිස්ත්‍රික්කයේද ක්‍රියාත්මක වේ. මේ අතර මහාධිකරණය ජනවාරි 15 වැනි සිකුරාදා තීරණය කෙළේ සතොස සේවකයින් මැතිවරණ කටයුතුවලට යොදා ගැනීම පිළිබඳව ඇමැති ජොන්ස්ටන්ට එරෙහිව පැවරූ නඩුව නීති විරෝධී බවය.

Comments