ලොව විශාලතම කොවිඩ් එන්නත්කරණ වැඩසටහන ඉන්දියාව අරඹයි | සිළුමිණ

ලොව විශාලතම කොවිඩ් එන්නත්කරණ වැඩසටහන ඉන්දියාව අරඹයි

ලොව විශාලතම කොවිඩ් එන්නත්කරණ වැඩසටහන අද (16) දිනයේ සිට ඉන්දියාවේ ආරම්භ විය.
 
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් අද දින වීඩියෝ සම්මන්ත්‍රණ මගින් අමතමින් සමස්ත ඉන්දීය COVID-19 එන්නත් කිරීමේ මෙහෙයුම දියත් කරන ලදී.
 
ඒ සඳහා වන අනුමැතිය හිමිවූ කොවිෂීල්ඩ් හා කොවැක්සීන් එන්නත් මෙම වැඩපිළිවෙල යටතේ ලබාදීමට නියමිතය.
 
එන්නත්කරණ වැඩසටහනේ පළමු අදියර යටතේ කෝටියක සෞඛ්‍ය සේවකයින් හා හදිසි අංශ ඉලක්ක වී තිබේ. ඉන් අනතුරුව පොලීසිය, ආරක්ෂක අංශ, නගරසභා සේවකයින් හා තවත් ඉදිරිපෙළ සේවකයින් වෙත එන්නත ලබාදීමට ඉන්දීය රජය සැළසුම් කර ඇත. එහිදී මිලියන 30ක පමණ පිරිසක් ඉලක්ක කර එන්නත් කිරීමේ මෙහෙයුම ක්‍රියාවට නංවනු  ඇත.
 
එම අදියර අවසන් කිරීමෙන් පසු වයස අවුරුදු 50 ඉක්මවූ පිරිස් සහ වයස අවුරුදු 50ට අඩු නමුත් අවදානම් සෞඛ්‍ය තත්ත්වයන් සහිත පිරිස් ඉලක්ක කෙරෙනු ඇත. මේ යටතේ  මිලියන 300 ක් ආවරණය කිරීමට උත්සාහ දරයි.
 
එන්නත් පරිපාලනය සම්බන්ධ සියලු ගැටළු විසඳීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක ඇමතුම් මධ්‍යස්ථානයක් ද ස්ථාපිත කර ඇත.
 
 
 

Comments