ජෝන් කීල්ස් වෙතින් ප්‍රචණ්ඩත්වය මැඬලීමේ වැඩසටහනක් | සිළුමිණ

ජෝන් කීල්ස් වෙතින් ප්‍රචණ්ඩත්වය මැඬලීමේ වැඩසටහනක්

 

නොවැම්බර් 25 දිනට යෙදෙන, කාන්තා හිංසනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් අඛණ්ඩව 5 වන වරටත් විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට ජෝන් කීල්ස් පදනම කටයුතු කළේ ය. ‘නිහඩතාව බිඳ දමමු ප්‍රචණ්ඩත්වයට තිත තබමු!’ යන තේමාව යටතේ පවත්වන ලද එම වැඩසටහනේ මූලික අරමුණ වූයේ, ප්‍රචණ්ඩත්වය මුලිනුපුටා දැමීම සඳහා ප්‍රචණ්ඩත්වයට ගොදුරු වන්නන් සහ ප්‍රචණ්ඩත්වය දකින්නන් ඊට එරෙහි වීමට හා වාර්තා කිරීමට පෙලඹෙන පරිසරයක් නිර්මාණය වන ආකාරයට මහජනතාවගේ දැනුම හා ප්‍රතිචාර මට්ටම ඉහළ නැංවීමයි.

ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය යනු හුදෙක් පුද්ගලික හෝ පවුල් මට්ටමේ ගැටලුවක් පමණක් නොව සමස්ත සමාජයට බලපාන ගැටලුවක් බව ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය විශ්වාස කරයි. එය රැකියාවේදීත් බාහිර සමාජයේදීත් පුද්ගලයන්ට මෙන්ම රටේ ආර්ථික හා ඵලදායීතා වර්ධනයට සෘජු හා වක්‍ර බලපෑම් ඇතිකිරීම ඊට හේතුව වී ඇත.

මේ සම්බන්ධයෙන් බොහෝ නෛතික හා ප්‍රතිපත්තිමය රාමු මෙන්ම එම ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූවන් සඳහා වන උපකාරක ආයතන හා සහයෝගය සපයන විධිවිධාන ඇති නමුත්, එය වැළැක්වීම සම්බන්ධ ක්‍රමවේදයන් හඳුනා ගැනීම හා ඒවා ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බව ජෝන් කීල්ස් පදනම (John Keells Foundation) අවබෝධ කරගෙන සිටී. ජෝන් කීල්ස් සමූහය තුළ මෙන්ම බාහිර ඉලක්කගත ප්‍රජාවන් අතරත්, පොදුවේ මහජනතාව අතරත් ඒ සම්බන්ධයෙන් සංවේදීභාවය ඇතිකරමින් ශක්‍යතා වර්ධනය, දැනුවත් කිරීම් හා උපදෙස් සැපයීම් ඔස්සේ ඉහත සඳහන් ඉලක්ක ළඟා කරගැනීම එම පදනමේ අපේක්ෂාව වේ.

Comments