OPPO වෙතින් 2021ට සුවිශේෂී සැලසුම් රැසක් | සිළුමිණ

OPPO වෙතින් 2021ට සුවිශේෂී සැලසුම් රැසක්

 

ශ්‍රී ලංකාව මාස ගණනාවක් තිස්සේ සංචරණ සීමාවන්ට මුහුණ දී සිටීමෙන් අනතුරුව එම සීමාවන් ලිහිල් වීමත් සමඟ, පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව හා පහසුව පිළිබඳව අවධානය යොමුකරමින්, ‘1 Hour Flash Fix’ වැනි සේවාවන් හඳුන්වා දීමට කටයුතු කළ බව, Xinda Lanka (පුද්.) සමාගමේ(OPPO Sri Lanka)ප්‍රධාන විධායක නිලධාරී බොබ් ලී පැවසී ය. සියලුම OPPO නිෂ්පාදන හා උපාංග සඳහා වන වගකීම් කාලය මාස 2 කින් දීර්ඝ කිරීමටද සමාගම කටයුතු කළ අතර, CoVid-19 රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට රජය ගන්නා උත්සාහයට දායක වීමක් වශයෙන් එම අරමුදලට රු. මිලියන 1.2 ක මුදලක්ද පරිත්‍යාග කරන ලදි.

2020 වසර තුළදී OPPO F15, F17, F17 Pro සහ Reno 3 යන මාදිලි වෙළඳපොළට හඳුන්වා දීම සිදුවිය. ක්‍රියාකාරීත්වය මෙන්ම අලංකාරය අතින්ද සුවිශේෂී ඉදිරි පියවරක් වූ Enco හෙඩ්ෆෝන් උපාංග එකතුව ද මෙම වසර තුළදී හඳුන්වා දෙන ලද අතර, ඉහත සඳහන් කළ දුරකථන මාදිලි මෙන්ම Enco W51, Enco Free සහ Enco මාදිලි එකතුවේ අනෙකුත් උපාංගද පාරිභෝගිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වී තිබේ.

පසුගිය නොවැම්බර් මාසයේදී ‘Technology for Mankind – Kindness for the World’ යන තේමාව යටතේ OPPO විසින් සිය ‘INNO DAY’ වැඩසටහනේ 2020 අදියර අන්තර්ජාලය ඔස්සේ පවත්වන ලදි. ‘INNO DAY’ යනු ක්ෂේත්‍රයේ විශේෂඥයන්, හවුල්කරුවන් හා ප්‍රමුඛ මතධාරීන් අනාගත තාක්ෂණයන් පිළිබඳව අදහස් සාකච්ඡා කරන වාර්ෂික වැඩසටහනකි. මෙවර INNO DAY වැඩසටහන තුළදී flexible display සහ structural stacking හැකියාවන් සහිත rollable handset වර්ගයේ දුරකථනයක් වන OPPO X හඳුන්වා දෙන ලදි.

Comments