SLT-Mobitel eSport වැඩි දියුණු කළ නවමු මුහුණුවරකින් | සිළුමිණ

SLT-Mobitel eSport වැඩි දියුණු කළ නවමු මුහුණුවරකින්

ශ්‍රී ලංකාවේ දුරකථන සන්නිවේදන සමාගමක් සතු එක ම gaming හා eSports අවකාශය වන www.slt.lk/esports, නවතම වැඩිදියුණු කිරීම් සමඟ එළිදැක්වීමට මෙරට ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවා සැපයුම්කරු වන SLT-MOBITEL හා ලොව සුප්‍රකට ඩිජිටල් ක්‍රීඩා තාක්ෂණ සමාගමක් වන Swarmio Media ආයතනය පසුගියදා පියවර ගත්තේය. SLT-MOBITEL හඳුන්වා දෙන මෙම ඩිජිටල් ක්‍රීඩා පහසුකම, වෙබ් අඩවි පාදක කරගත් පරිශීලක මිතුරු අවකාශයකි.

එහිදී සයිබර් ක්‍රීඩකයන්ට විවිධ තරගාවලි, අභියෝගතා, ප්‍රජා පාදක ක්‍රීඩා පද්ධති (community game servers), පෞද්ගලික ක්‍රීඩා පද්ධති, ඩිජිටල් ක්‍රීඩා අන්තර්ගත හා ලොව ප්‍රමුඛතම ඩිජිටල් ක්‍රීඩකයන් විසින් එක් කරනු ලබන විවිධ තොරතුරු ආදී බොහෝමයක් දෑ වෙත එකම ස්ථානයකින් ප්‍රවේශ විය හැකිය. එය මෙරට තුළ ලබාගත හැකි පරිපූර්ණ හා වේගවත්ම ඩිජිටල් ක්‍රීඩා අත්දැකීමකි. ඩිජිටල් ක්‍රීඩා ක්ෂේත්‍රය සතු ප්‍රධාන අංග හතරක් වන ක්‍රීඩා කිරීම, අන්තර්ගත, ප්‍රජාව හා දීමනා, පදනම් කරගනිමින් මෙම ඩිජිටල් ක්‍රීඩා අවකාශය නිර්මාණය කර තිබීම ද විශේෂත්වයකි. මෙම නවතම ඩිජිටල් ක්‍රීඩා අවකාශය එළිදැක්වීමේ අවස්ථාවට ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන්, ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු හා ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න, ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා, මොබිටෙල් ප්‍රධාන විධායක නිලධාරී චන්දික විතාරණ සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ප්‍රියන්ත ෆර්නැන්ඩස් යන අය එක්ව සිටියහ.

Comments