තිරසර සංවර්ධන මෙහෙයුම් කමිටුව අගමැති ප්‍රධානත්වයෙන් රැස්වෙයි | Page 2 | සිළුමිණ

තිරසර සංවර්ධන මෙහෙයුම් කමිටුව අගමැති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

තිරසර සංවර්ධන අරමුණු සඳහා වන මෙහෙයුම් කමිටු සමාරම්භක රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(17) පස්වරුවේ අරලිය ගහ මන්දිරයේ දී රැස්විය.
 
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහි දී තිරසර සංවර්ධන මෙහෙයුම් කමිටු පත් කිරීමේ පසුබිම සහ අරමුණ පැහැදිලි කළේය. 
 
තිරසර සංවර්ධන න්‍යාය පත්‍රය අනුව සංවර්ධන අරමුණු 17ක් හා ඉලක්ක 169කි. 
 
2030 වසර වන විට මෙම අරමුණු කරා යාම වේගවත් කිරීම සඳහා අග්‍රාමාත්‍යතුමාගේ  ප්‍රධානත්වයෙන් මෙහෙයුම් කමිටුවක් පත්කර ඇත.
 
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පවතින දත්ත විධිමත්ව ඒකරාශී කරමින් ගෝලීය තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීම සඳහා ඉටුකළ යුතු කාර්යභාරය අමාත්‍යාංශ මට්ටමින් ඉටු කරන්නැයි අග්‍රාමාත්‍යතුමා මෙහිදී උපදෙස් දුන්නේය.
 
ලෝක මට්ටමෙන් තිරසරබව සළකා බලන දර්ශකවල ඉහළට ඒම වැදගත් බව භාණ්ඩාගාර ලේකම් එස්.ආර් ආටිගල මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
 
අදාළ කටයුතු විධිමත් කිරීම උදෙසා කළ යුතු ක්‍රියාමාර්ග ඊට අදාළ අමාත්‍යංශ උදෙසා කඩිනමින් දැනුවත් කරන බව අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා විශ්වාසය පළ කළේය.
 
මෙම අවස්ථාවට අමාත්‍යවරුන් , අමාත්‍යංශ ලේකම්වරුන්, තිරසර සංවර්ධන සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
 
 

Comments