ක්‍රීඩාවේ පුවත් | සිළුමිණ

ක්‍රීඩාවේ පුවත්

 

කිලෝමීටර් දෙකේ ටෙස්ට් එක

කොවිඩ් වසංගතයත් සමඟ දැඩි පසුබෑමකට ලක්වන ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව මේවනවිට ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ගෙ ශාරීරික යෝග්‍යතාව මනින්න විනාඩි 8ක් ඇතුළත කිලෝමීටර් දෙකක් දුවන පරීක්ෂණයක් පැවැත්වූවා. ඇත්තටම මෙය ප්‍රමාණවත්ර ද ? නැද්ද? යන්න වෙනම කතාවක්. හැබැයි පරීක්ෂණයට සහභාගි වුණු 32න් 28ක් සමත්.

ඒත් යෝග්‍යතා පරීක්ෂණය සම්පූර්ණයෙන්ම නිරාවරණය කිරීම සමාජය තුළ දැන් විවේචනයට ලක්වෙමින් තිබෙනවා. ඒ් මේ වගේ ටෙස්ට් එකක වීඩියෝ දර්ශන, ක්‍රීඩකයො හතිදාන දර්ශන සමාජගත කරන එකේ අභිප්‍රාය කුමක් ද කියන එකයි විචාරකයෝ ප්‍රශ්න කරන්නෙ.

තරග පරදින බව ඇත්ත නමුත් එකී පරාජිත මඟ ජයග්‍රහණයට හරවා ගැනිමට ඇවැසි සැලසුම් සකසා ගත යුතු පසුබිමක පමණ ඉක්මවා යාමෙන් සිදුවන්නෙ ක්‍රීඩාව විහිලුවක් විම බවයි විචාරකයෝ පවසන්නෙ.

සුගතදාස පිටියේ පැවති යෝග්‍යතා පරීක්ෂණයෙන් සිව්දෙනෙක් හැර අනෙත් සියලු දෙනා සමත්. කුසල් ජනිත් පෙරේරා, භානුක රාජපක්ෂ, ඩිල්රුවන් පෙරේරා හා ධනුෂ්ක ගුණතිලක මෙසේ අසමත් වී ඇත.

යෝග්‍යතා පරීක්ෂණය අසමත් ක්‍රීඩකයන් සිව්දෙනා සහ නොපැමිණි ක්‍රීඩකයන් වෙනුවෙන් නැවතත් දින 40කින් පසු යෝග්‍යතා පරීක්ෂණයක් පැවැත්වෙන බව ශ්‍රීර ලංකා කි‍්‍රකට් නිවේදනය කළා. ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව මැන බැලීමට කිලෝ මීටර 2 ක දුරක් මිනිත්තු 8 ග35 ක කාලයක් ඇතුළත දිව යමින් අවසන් කිරීමේ අභියෝගය නට ලෝකයේ භාවිතා කරනු ලබන සම්මත ක‍්‍රමයක්.

 

 

 එංගලන්තය අංක එකට

ශ්‍රී ලංකාවේ දී ලැබූ පූර්ණ ටෙස්ට් ජයග්‍රහණය තවදුරටත් ඉදිරියට රැගෙන ගිය එංගලන්තය ජගත් ටෙස්ට් ශුරතාවයේ අංක එක ස්ථානයට පත්ව තිබේ. මෙතෙක් එහි සිව්වැනි ස්ථානයේ සිටි එංගලන්තය එලෙස ඉදිරියට පැමිණෙද්දී ඉන්දියාව අංක හතර දක්වා පසුබැස තිබීම විශේෂත්වයකි.

මේ වනවිට ජගත් ටෙස්ට් ශුරතාවයේ අවසන් මහා තරගයට නවසීලන්තය සුදුසුකම් ලබා ඇත. මෙම කණ්ඩායම් ද්විත්වය අතරින් එක් කණ්ඩායමක් ටෙස්ට් ශූරතාවයේ අවසන් මහා තරගයට සහභාගිවිමට නම් පිළිවෙලින් ඉන්දියාව එංගලන්තය සමග පැවැත්වෙන ඉතිරි තරග තුනෙන් දෙකක් ජයගෙන එක තරගයක් ජය පරාජයෙන් තොරව නිමා කර ගත යුතුව ඇත.

එංගලන්තය ටෙස්ට් ශූරතාවයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට නම් ඉන්දියාව සමඟ පැවැත්වෙන ඉතිරි තරග තුනෙන් දෙකක් ජයගත යුතුවේ.

 

නිලවරණයට පෙර නව ව්‍යවස්ථාවේ පෙත්සම

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීළග නිලවරණයට පෙර නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් සකසන්නැයි ඉල්ලා හිටපු ටෙස්ට් ක්‍රීඩකයන් හා සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් මාර්තු 15 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටන්න ක්‍රීඩා අමාත්‍යවරයාට, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති සහ එහි විධායක කමිටුවට නොතීසි නිකුත් කරලා තිබෙනවා.

හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් වන මුත්තයියා මුරලිදරන්, සිදත් වෙත්තමුණි සහ විශ්‍රාමික විනිසුරු සලීම් මර්ෂුක්, ආචාර්ය පාලිත කොහොන, රියන්සි විජේතිලක, කුෂිල් ගුණසේකර ඇතුළු 12 දෙනෙකු මෙම පෙත්සම් ගොනුකළා.

පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායදුන්නේ කොරයා යන විනිසුරු මඬුල්ල හමුවේ කැදවිණි.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, උප සභාපතිවරුන් වන රවීන් වික්‍රමරත්න, ජයන්ත ධර්මදාස, තිලක් වත්තුහේවා සහ ලේකම් මොහාන් ද සිල්වා යන මහත්වරු සහ ක්‍රිකට් විධායක කමිටුව පෙත්සමෙන් වගඋත්තරකරුවන් බව සඳහන්.

 

පාපැදි විනිසුරු වැඩමුළුව 25

ශිු ලංකා පාපැදි විනිසුු සංගමය සංවිධානය කරන එක්දින විනිසුරු පුහුණු වැඩමුළුව මෙම මස 25 වැනිදා ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ දී පැවැත්වෙයි.

එළඹෙන මාර්තු 7 වැනිදා පැවැත්වෙන ගුවන් හමුදා සවාරිය ,මාර්තු මස අග කතරගමදි පැවැත් වෙන ජාතික මහා කිුඩා පාපැදි තරග හා LSR ආයතනය සංවිධානය කරනු ලබන දකුණු ආසියාවේ එකම අන්තර් ජාතික⁣ පාපැදි තරගය වන ටකප් පාපැදි තරග සදහා විනිසුුරුවන්ගේ දැනුම වර්ධනය ිරිම හා නව අන්තර්ජාතික නිති රිති හදුන්වාදිම මෙම වැඩමුළුවෙන් අපේක්ෂිතයිි.

වැඩමුළුව මෙහෙය වන්නේ අන්තර් ජාතික පාපැදි විනිසුුරු එන්. කරුණාරත්න මහතා යි. ඊට විනිසුු සංගමයේ සාමාජික විනිසුුරුවන්ට විවෘත වන අතර සියලු විස්තර පාපැදි විනිසුු සංගමයේ ලේකමි සරත් චන්දුරත්න මහතාගෙන් ( 0713196471) ලබා ගත හැකිිිියි.

 

ටෙස්ට් පිටියේ කොදෙව්වෝ

දෙවැනි ඉනිමේ ලකුණු 231 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය බංගලිදේශ කණ්ඩායම ලකුණු 213 කට සිමා කරමින් ඩකාහි පැවති දෙවැනි ටෙස්ට් තරගය ද ජයගත් කොදෙව් කණ්ඩායම තරග මාලාව 2-0 ක් ලෙස ජයගැනීමට සමත්වුණා. ප්‍රථම තරගයේ ජයග්‍රහණය හුදු වාසනාව මත වාර්තාවූ ජයක් නොවන බව දෙවැනි ජයත් සමඟ වාර්තා කරන්න ඔවුන්ට හැකිවුණා. මුල් ඉනිමේ ලකුණු 409 ක් ලැබූ කොදෙව් පිල වෙනුවෙන් නිරුමා බොනර් ලකුණු 90 ක් ද, ජෝෂුවා ද සිල්වා ලකුණු 92 ක් ද අසාරි ජෝශප් ලකුණු 82 ක්ද රැස්කළා. බංගලාදේශ මුල් ඉනිමට ලබා ගත්තේ ලකුණු 296 ක් පමණයි. කොදෙව්වෝ තම දෙවැනි ඉනිමේ ලකුණු 117 කට දැවී ගියත් තරගයේ ඉදිරියෙන් සිටියා. මේ අනුව 2018-19 බංගලාදේශයේ දී ලද 0-2 ටෙස්ට් තරගාවලි පරාජය සමහන් කරගන්න කොදෙව්වෝ සමත් වුණා.

 

විස්සයි විස්ස ජයත් පාකිස්තානයට

දකුණු අප්‍රිකාව සමග පැවති ටෙස්ට් තරගාවලිය ජයගත් පාකිස්තානය ඉන්පසු දෙරට අතර පැවති විස්සයි 20 තරගමාලාව 2-1 ලෙස ජයගැනීමට සමත් වුණා.

ලාහෝර්හි පැවති තරගමාලාවේ තරග තුනෙන් මුල් තරගය ඉතාමත් තියුණු තරගයක් වූ අතර අවසානයේදී පාකිස්තානය ජයගත්තේ ලකුණු තුනකින්. තරගමාලාවේ වීරයා බවට පත් පාකිස්තාන් ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන් මෙම තරගයේදී නොදැවී ලකුණු 104 ක් රැස් කළා. දෙවන තරගයේදී ලකුණු 51 ක්ද අවසන් තරගයේදී ලකුණු 42 ක් ද ඔහු ලබා ගත්තේ තම පිලට හොඳ ආරම්භයක් ලබා දෙමින්. දෙවන තරගය දකුණු අප්‍රිකාව ජයගත්තේ තරගමාලාව උණුසුම් කරවමින් වූ නමුත් අවසන් තරගයේ ජය පාකිස්තානය හිමිකරගත්තා.

 

 

 නිල් මහ සටන සූරියවැවට

කොවිඩ්19 හේතුවෙන් වර්තමාන සෞඛ්‍ය හා සංචරන සීමාවන් යටතේ කළමනාකරණය කිරීමට පහසු ස්ථානයක රාජකීය - ශාන්ත තෝමස් නිල් මහා ක්‍රිකට් සටන පැවැත්විම කෙරෙහි දෙවිදුහල් බලධාරින්ගේ අවධානය යොමු වි ඇතැයි වාර්තා වෙයි.

රාජකීය විද්‍යාලය සහ ශාන්ත තෝමස් විද්‍යාලය අතර 142වැනි නිල් රිබන්ඩ් වාර්ෂික මහා ක්‍රිකට් තරගය හම්බන්තොට, සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්විමට අවධානය යොමු වනවිට බස්නාහිර පලාතින් පිට මේ තරගය පැවැත්විම සඳහා සෞඛ්‍යය අංශවල අනුමැතිය හිමි ඇතැයි ද වාර්තා වෙයි.

මේ පිළිබඳ නිශ්චිත තිරණයක් තවමත් ගෙන නොමැති නමුත් ඒකාබද්ධ සංවිධායක කමිටුවේ නිලධාරීන් සහ දෙවිදුහල් 2021 ගැටුම පැවැත්විමේ හැකියාව පිළිබඳ අවධානයෙන් පසුවෙයි.142 වන රාජකීය - ශාන්ත තොමස් මහා සටන අපේ‍්‍රල් 8, 9 සහ 10යන දිනවල පැවැත්විම පිළිබඳ දැනට තාවකාලිකව දින වෙන් කර ඇති බව ද වාර්තාවෙයි.

අවසාන දිනයක් ප්‍රකාශයට පත් කිරීම සඳහා සාකච්ඡා තවමත් සිදුවෙමින් පවතී. නමුත් අවසන් දිනය වන ඕනෑම දිනයක සූරියවැවහිදී තරගය පැවැත්වෙන බව සනාථ වේ. එය සිදුවුවහොත්, සුරියවැව ක්‍රීඩාංගණය සුප්‍රසිද්ධ ‘බ්ලූස් සටන’ හමුව සඳහා සත්කාරකත්වය සපයන නවවන ස්ථානය බවට පත්වෙයි. 1879 දී ආරම්භ වූ නිල් මහා සටන බස්නාහිර පළාතෙන් පිටත පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වේ.

මීට පෙර 1975 සිට එස්.එස්.සී.ක්‍රීඩාංගණය ස්ථිර ස්ථානයක් බවට පත් කිරීමට පෙර ගෝර්ඩන් ගාඩ්න්ස් හි (වර්තමානයේ ජනාධිපති මන්දිරය පිහිටා ඇති ස්ථානය), නොමෑඩ්ස් ක්‍රීඩාංගණය, සී.සී.සී.ක්‍රීඩාංගණය, කැම්බල් උද්‍යානය, එන්.සී.සී.ක්‍රීඩාංගණය, කොළඹ ඕවල් යන ස්ථානවල 'බ්ලූස් සටන' පවත්වා තිබේ. පසුගිය වසරේ කොවිඩ්19 වසංගතය ව්‍යාප්තියත් සමඟ සියලු පාසල මහා ක්‍රිකට් තරග අතහැර දැමු අතර අවසන් වරට පැවැති මහා තරගය නිල් මහා සටනයි.එතැන් පටන් පාසල් ක්‍රිකට් තරග ද මේ දක්වාම අතහැර දමා තිබේ

රජය විසින් අපොස සාමාන්‍ය පෙල විභාගය මාර්තු මුල් සතියේ ආරම්භ කිරිමට නියමිත අතර මැයි සහ ජුනි මාසවල ලන්ඩන් උසස් පෙළ විභාගය පැවැත්විමට නියමිතය. අප්‍රේල් මාසයේදී තරගය පැවැත්වීම හැර වෙනත් විකල්පයක් සංවිධායකයින්ට නැත.

තරගය පැවැත්වීම සඳහා සංවිධායක කමිටුව දැනටමත් සෞඛ්‍ය හා අධ්‍යාපන බලධාරීන්ගෙන් අවසර ලබාගෙන ඇති නමුත් දැඩි සෞඛ්‍ය කෙටුම්පත් යටතේ බොහෝ විට ‘ජෛව බුබුලක්’ තුළ ඇති බව ආරංචි මාර්ග අනාවරණය කරයි.

කෙසේ වෙතත්, 142 වන බ්ලූස් සටනේ ඒකාබද්ධ සංවිධායක කමිටුව, සියලු කාරණා අවසන් වූ වහාම අවසන් තීරණය ප්‍රසිද්ධ කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

 

එළියකන්ද මෝටර් රථ තරගාවලිය 27 හා 28

මෝටර් රේසිං වසන්තය ආරම්භ කිරීමේ උත්සහයක් වශයෙන් 'සදර්න් එළිය කන්ද මෝටර් රථ තරගාවලිය' මෙම මස 27- 28 යන දෙදින තුළ මාතර එළිය කන්ද ධාවන පථය කේන්ද්‍ර කොට ගෙන පැවැත්වේ.

මෙවර තරගාවලියට මෝටර් රථ ධාවන තරගා ඉසව් 17ක් ඇතුළත්ව ඇති අතර යතුරුපැදි ධාවන තරග 16ක් ඊට එක්කර තිබේ. මෝටර් රථ හා යතුරු පැදි යන දෙයංශයටම අදියර තුනක් යටතේ මීටර් 600ක කදු නැග්මක් ද ඇතුළත්ය.

2020 වසරේ මෝටර් රථ කාලසටහනට අනුව පැවැති එළිය කන්ද කදු තරණය හැර කිසිදු තරගමාලාවක් පැවැත්විමට නොහැකි විය. කොවේඩ් 19 වසංගත තත්ත්වය හමුවේ දේශීය වශයෙන් පැවැත්වෙන සියලු තරගාවලි අවලංගු කෙරිණි.

රිදී ජුබිලිය සමරමින් එස්.එල්.ටී.ස්පීඩප් සර්දන් එළිය කන්ද කදු තරණය නමින් නම් කර ඇති මෙවර තරගාවලියට පූර්ණ අනුග්‍රහකත්වය ලබා දි ඇත්තේ ශ්‍රී ලංකාවේ සුපිරි අධිවේගී ෆයිබර් බ්‍රෝඩ් බෑන්ඩ් අන්තර් ජාල සම්පාදකයා වන එස්.එල්.ටී. මෝබිටෙල් ආයතනයයි.

ඡායාරූපය - ජගත් ඉරෝෂණ

 

 

 සිකුරාදාට පාපන්දු - ඉරිදාට පාපැදි

 

‘පාපන්දු සිකුරාදා’ සංකල්පය ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා විසින් පසුගියදා හඳුන්වා දුන්නේය. ඒ අනුව සෑම සිකුරාදා දිනකම පස්වරු 6 සිට මධ්‍යම රාත්‍රිය දක්වා එම සංකල්පය අනුව පාපන්දු ක්‍රීඩාව පැවැත්වෙයි.

මෙම වැඩසටහන හඳුන්වාදීමේ මාධ්‍ය හමුව ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම වැඩසටහනට සාපේක්ෂව තුරඟ තරග පිටිය ආශ්‍රිතව වෙළෙඳ පොළක් පවත්වන බවද එහිදී ප්‍රකාශ විණි. ඊට අතිරේකව පාපන්දු පුහුණු සැසියක් ද පැවැත්වෙනු ඇත.

මෙම සංකල්පයේ පළමු පියවර වශයෙන් සතියේ ‘සෑම ඉරිදාවකම කිඹුලාගල සිට කොළඹට විශේෂ මංතීරුවක් ‘ යොදා ගනිමින් පාපැදි ඉරිදා’ වැඩ සටහන ක්‍රියාත්මක වෙයි. ‘එහි නියමු වැඩසටහන සාර්ථකයි. දැන් එය රට පුරා ක්‍රියාත්ම කරන්න අපි අපේක්ෂා කරනවා.පාපැදි ඉරිදා’ වැඩසටහන ඉදිරි දිනයන්හි හවස 4 සිට 7 වනතුරු ක්‍රියාත්මකයි. මම විශ්වාස කරන්නේ කෙටි කලකින්ම ‘පාපන්දු සිකුරාදා’ වැඩසටහනත් දීප ව්‍යාප්තව සංවිධානය කරන්න හැකිවෙනු ඇති බවයි.’ නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.

මෙම වැඩ සටහන යටතේ දේශීය පාපන්දු ක්‍රීඩකයන් මිලියන දෙකක් බිහිකිරීම අරමුණවී තිබේ. ‘පාපන්දු සිකුරාදා’ වැඩ සටහනට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හා සිලෝන් ප්‍රොපෙෂනල් ස්පෝට්ස් මැනේජ්මන්ට් ආයතනයේ දායකත්වය හිමිව ඇත.

 

අනිල් වීරසිංහ / බන්ධුල ජයමාන්න / ගීෂා මුණසිංහ

Comments