බැඩ්මින්ටන් ජාතික ශූරතාව අදින් අවසන් | සිළුමිණ

බැඩ්මින්ටන් ජාතික ශූරතාව අදින් අවසන්

ජාතික ශූරතා බැඩ්මින්ටන් තරගාවලිය පසුගිය බදාදා (17) ගෘහස්ථ බැඩ්මින්ටන් ක්‍රීඩාගාර තුනක දී ආරම්භ වූ අතර එහි අවසන් තරග අද (21) පැවැත්වෙයි.

මෙවර තරගාවලිය වෙළෙඳ සේවා, ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සහ ඔටර්ස් ක්‍රීඩා සමාජ බැඩ්මින්ටන් ගෘහස්ථ ක්‍රීඩාගාරයන්හි පැවැත්වීමට සම්මේලනය කටයුතු යොදා තිබිණි. අසීරුතා රැසක් මැද ආරම්භ කළ ජාතික ශූරතා බැඩ්මින්ටන් තරගාවලියේ ප්‍රේක්ෂක සහභාගිත්වයට අවසර හිමිකර දී නොතිබිණි. එහිදී ඉතා සීමාසහිත ප්‍රමාණයකට ක්‍රීඩාංගණ තුළට ඇතුළුවීමට අවසර ලබාදී තිබූ අතර එක් ක්‍රීඩකයකු තරග වදින ඉසව්ව ආරම්භවීමට තරගයකට ප්‍රථම ක්‍රීඩාංගණයට එක්කරගැනීමට කටයුතු යොදා තිබීම විශේෂත්වයකි.

'මොබිල් ලුබ්‍රිකන්ට් සමාගම' විසින් අනුග්‍රහය දක්වා තිබූ තරගාවලිය සඳහා ක්‍රීඩක, ක්‍රීඩිකාවන් අටසියයක් පමණ මෙවර සහභාගිවී සිටීම කැපී පෙනිණි. 'අපි අපේක්ෂා කළාට වැඩිය ක්‍රීඩක, ක්‍රීඩිකාවන් තරගාවලියට සහභාගිවෙන්න අයැදුම් කළා. ඒ නිසා ක්‍රීඩාංගණ ත්‍රිත්වයක තරගාවලිය සංවිධානය කරන්න සිදුවුණා.' යැයි ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ සභාපති රොහන් ද සිල්වා මහතා පැවසීය.

පූර්ණ තරගාවලිය මෙවර ද ඒ මහතාගේ පෞද්ගලික අනුග්‍රාහකත්වය ඔස්සේ පැවැත්වීම විශේෂත්වයකි.

ඡායාරූප - ජගත් ඉරෝෂණ

Comments