නෙදු­න්කර්හි පුපු­රණ ද්‍රව්‍ය හිමි­කරු එල්ටී­ටීඊ ප්‍රබල සාමා­ජි­ක­යෙක් | සිළුමිණ

නෙදු­න්කර්හි පුපු­රණ ද්‍රව්‍ය හිමි­කරු එල්ටී­ටීඊ ප්‍රබල සාමා­ජි­ක­යෙක්

වුනියාවේදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් පුද්ගලයා මේ වන විට ත්‍රස්ත විමර්ශන ඒකකයට බාර ගෙන රැඳවුම් නියෝග යටතේ ප්‍රශ්න කරන බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සිළුමිණට කීය.

එල්ටීටීඊ පළමු පෙළේ ක්‍රියාකාරීකයකු වන මෙම සැකකරු ජපන් ආධාර සහිතව මෙරට ක්‍රියාත්මක බිම්බෝම්බ ඉවත් කිරීමේ රාජ්‍ය නොවන ආයතනයකට සම්බන්ධව සේවය කර ඇති අතර ඔහු රාජකාරි වේලාවට අමතරවද අදාළ ස්ථානවල සැරිසරා ඇත.

බුද්ධි අංශයට ලැබුණු තොරතුරු මත මේ පුද්ගලයා අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වද්දී ඔහු සතුව තිබී බිම්බෝම්බ 148ක් හා අධිබල පුපුරණ ද්‍රව්‍ය කට්ටල 24ක්ද හමු වී තිබේ.

අදාළ පුද්ගලයාගේ ඥාතීන් ඇතුළු පිරිස්ද එල්ටීටීඊ ක්‍රියාකාරිකයන් බවට වාර්තා ලැබී ඇති නිසා මේ වන විට ත්‍රස්ත විමර්ශන අංශය මඟින් ඒ සම්බන්ධව විමර්ශනය කරමින් පවතී.

Comments