මෙගා­වොට් 150ක් දෙන නව සූර්ය බලා­ගාර 20 ක් | සිළුමිණ

මෙගා­වොට් 150ක් දෙන නව සූර්ය බලා­ගාර 20 ක්

ව සූර්ය බලාගාර 20 ක් රටපු‍රා දිස්ත්‍රික්ක 12 ක පිහිට­ුවන බවත් එමඟින් ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 150 ක් ලබාදෙන බවත් විදුලිබල ඇමැති ඩලස් අලහප්පෙරුම පවසයි.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රකාරව ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්තීන්ගේ දායකත්වය වර්ධනය කිරීමේ අරමුණෙන්, දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කර ඇති ග්‍රිඩ් උපපොළ 20 ක් කේන්ද්‍ර කරගනිමින්, නව සූර්ය විදුලි බලාගාර 20 ක් ස්ථාපිත කිරීමට අවශ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන් වී ඇතැයි අමාත්‍යවරයා මේ අනුව එක් පැකේජයකට ප්‍රදේශ 04 ක් බැගින් අයත් වූ පැකේජයන් 5 ක් යටතේ මෙම සූර්ය විදුලි බලාගාර ඉදිකිරීමට යෝජිතය. ඒ අනුව A පැකේජය යටතේ අනුරාධපුර, මාදම්පේ, වවුනතිව්, අතුරුගිරිය, බෙලිඅත්ත යන ප්‍රදේශයන්ගේ ද B පැකේජය යටතේ බෙලිඅත්ත, හොරණ, මෙගාවොට් 150ක්  පොළොන්නරුව, හබරණ යන ප්‍රදේශ‍යන්ගේ ද, C පැකේජය යටතේ මාතර, ගාල්ල, මහියංගණය, වේයන්ගොඩ යන ප්‍රදේශයන්ගේ ද, D පැකේජය යටතේ අම්පාර, දෙනියාය, කොස්ගම, මතුගම ප්‍රදේශයන්ගේ ද, E පැකේජය යටතේ පන්නල, මහව, කුරුණෑගල, කොළොන්නාව යන ප්‍රදේශයන්ගේ ද මෙම විදුලි බලාගාර ස්ථාපිත කිරීමට යෝජිතය. එම ව්‍යාපෘතීන් වෙනුවෙන් මේ වනවිට ජාත්‍යන්තර තරගකාරී ලංසු ක්‍රමය අනුව ප්‍රසම්පාදන කටයුතු සිදුකර තිබේ. ලංසු ඇගයීම් වෙනුවෙන් රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුව සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා කමිටුවක් සහ තාක්ෂණික ඇගයීම් කමිටු පහක් පත් කර ඇත. 

 

Comments