රටේ ප්‍රශ්න­ව­ලට විස­ඳුම් ව්‍යව­ස්ථා­වට අනු­වයි - ඇමැති දිනේෂ් | Page 2 | සිළුමිණ

රටේ ප්‍රශ්න­ව­ලට විස­ඳුම් ව්‍යව­ස්ථා­වට අනු­වයි - ඇමැති දිනේෂ්

ටේ ප්‍රශ්නවලට විසඳුම් ව්‍යවස්ථාවට අනුවයි. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නවලට විසදුම් සෙවිය යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කරයි. ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කර තිබු මානව හිමිකම් කඩවීම් පිළිබඳ චෝදනා විමර්ශනය සඳහා දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපති කොමිසමක් පත් කර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි. යහපාලන රජය අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ජිනීවා මානව හිමිකම් සමුළුවේ 30/1යෝජනාවට සම අනුග්‍රහය දැක්වීමට එකඟව තිබුණද යෝජනාවේ අන්තර්ගත කරුණු ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නොමැති බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය. එම නිසා ඉකුත් වසරේ 30/1 යෝජනාවෙන් ඉවත් වූ බවත් උතුරේ පැවැති ත්‍රස්තවාදී ක්‍රියාවන් මර්දනය කිරිමේ දී අනුගමනය කළ මානුෂිය මෙහෙයුමේදී මානව හිමිකම් කඩවීමක් සිදුව තිබෙනවාද යන්න හා එසේ මානව හිමිකම් කඩ වී ඇත්නම් වින්දිතයන්ට සාධාරණයක් ඉටුකරන බවද ඇමැතිවරයා කීය.

Comments