කෙල්සි හෝම්ස් සෙන්ට්‍රල් පාර්ක් ජාඇල දී ආරම්භ කරයි | සිළුමිණ

කෙල්සි හෝම්ස් සෙන්ට්‍රල් පාර්ක් ජාඇල දී ආරම්භ කරයි

 

කෙල්සි හෝම්ස් සෙන්ට්‍රල් පාර්ක් ජා ඇල ව්‍යාපෘතියේ පළමු සහ දෙවන අදියරයන් සාර්ථකව නිම කර පළමු පස් පිඩැල්ල කැපීමේ උත්සවය උත්කර්ෂවත්ව පවත්වයි කෙල්සි හෝම්ස් සිය නවතම ව්‍යාපෘතිය වන සෙන්ට්‍රල් පාර්ක් ඉදිකිරීම් අරඹයි.

සෙන්ට්‍රල් පාර්ක් ජා ඇල නිවාස ව්‍යාපෘතිය නිවාස ඒ්කක 350ට අධික විවිධ පහසුකම් 40කටත් වඩා වැඩි නව්‍යකරණය හා සබැඳුනු නිවාස ව්‍යාපෘතියක් වීම එහි විශේෂත්වයයි. MICD Associates හි සුප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පී මුරාඩ් ඉස්මයිල් මහතා විසින් මෙම නිවාස ඒකක සැලසුම් කර ඇති අතර දීපාල් වික්‍රමසිංහ ඇසෝසියේට්ස් (පුද්) සමාගම මෙම ව්‍යාපෘතියේ ව්‍යුහාත්මක ඉංජිනේරුවන් වශයෙන් කටයුතු කරයි. මෙරට ප්‍රධාන නගරයක් වන ජා ඇල නගරාසන්නයේ අක්කර 15ක සශ්‍රීක භූමියක මෙම සෙන්ට්‍රල් පාර්ක් ජා ඇල ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

මෙම ව්‍යාපෘතියේ පළමු සහ දෙවන අදියරයන් අති සාර්ථකව ක්‍රියාත්මක කෙරිණි. එහිදී ඉතාමත් කෙටි කාලයක් තුළ නිවාස හා මහල් නිවාස ඒකක වලින් 50% කට වඩා අලෙවි විය. විශේෂයෙන්ම පළමු අදියරේ මහල් නිවාස 70ක ප්‍රමාණය දියත් කරන ලද දින සිට දින 30ක් ඇතුළත අලෙවි වී අවසන් විය. ලෝකයම වසංගතයකින් වෙළාගෙන තිබූ මො‌හොතක අප රට ද අක්‍රිය අන්දමේ පවතිද්දී පවා ඒවැනි සාර්ථකත්වයක් හිමිකර ගැනීම සමාගම ලද සුවිශේෂී ජයග්‍රහණයකි. දෙවන අදියර 2020 සැප්තැම්බර් මාසයේදී දියත් කරන ලද අතර මේ වන විට මෙම ව්‍යාපෘතියේ නිවාස ඒකක 356 කින් ඒකක 190 කට වඩා අලෙවි වී තිබේ. අභියෝගාත්මක ආර්ථික වාතාවරණයක් පවතින මොහොතකදීත් ගනුදෙනුකරුවන්ගෙ ඇති සැලකිය යුතු ඉල්ලුම සමාගම කෙරෙහි ඇති විශ්වාසයත් ශ්‍රී ලංකා දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ සමාගම තබා ඇති සලකුණ පිළිබඳවත් පිළිබිඹු කෙරෙන සත්‍ය ප්‍රතිමුර්තියකි.

Comments