කොවිඩ් 19ට oDoc විසඳුමක් | සිළුමිණ

කොවිඩ් 19ට oDoc විසඳුමක්

 

oDoc වෙතින් කොවිඩ් වලින් පෞද්ගලික අංශ සේවකයන් ආරක්ෂා කරගැනීමට නව විසඳුමක්

ශ්‍රී ලංකාවේ පළමු සුවසේවා ඇප් එක වන oDoc, පසුගියදා පෞද්ගලික ආයතන හා ව්‍යාපාරික ස්ථාන වෙත උසස් තත්ත්වයේ ඔන්ලයින් (online) සෞඛ්‍යය සේවා පිරිනැමීමේ නව සේවාවක් ආරම්භ කළේය.

පෞද්ගලික ආයතන හා ව්‍යාපාරික ස්ථාන ඉලක්ක කරගනිමින් හඳුන්වා දී ඇති මෙම නවතම වැඩපිළිවෙළ යටතේ එක් සේවකයෙකු සඳහා මාසයකට රුපියල් 60ක් තරම් අවම මුදලකට තමන් හා පවුලේ සාමාජිකයන් තිදෙනෙකුට සීමා රහිතව සෞඛ්‍යය උපදෙස් ලබාගැනීමේ හැකියාව පවතී.

2017 වසරේදී හේෂාන් ප්‍රනාන්දු, වෛද්‍ය ජානක වික්‍රමසිංහ, සොහාන් ධර්මරාජා සහ කීත් ද අල්විස් යන ව්‍යවසායකයෝ මෙම ඇප් එකනිර්මාණය කළහ. වර්තමානය වනවිට oDoc හි සක්‍රීය පරිශීලකයන් දෙලක්ෂය ඉක්මවා ගොස් ඇති අතර, එය එහි විශ්වාසනීයත්වය හා සේවා විශිෂ්ටත්වයට කදිම සාක්ෂියකි.

කොවිඩ්-19 වසංගත කාලය තුළ මෙම ඩිජිටල් පහසුකමේ වැදගත්කම වඩාත් පැහැදිලි විය. එම කාලය තුළ ලියාපදිංචි වූ නව පරිශීලකයන් සංඛ්‍යා ව 474%කින් ඉහළ ගිය අතර, වෛද්යි උපදේශන සේවා වාර ගණන 296%කින් වර්ධනය විය. එමෙන්ම ඖෂධ ඇණවුම් සංඛ්‍යාව 107%කින් හා සමස්ත ව්‍යාපාර-ව්‍යාපාර අතර ආදායම 100%කින් වැඩිවිය. 

Comments