ලිලී චීස් සමාගම වේප්‍රෝටීන් පානයක් හඳුන්වා දෙයි | සිළුමිණ

ලිලී චීස් සමාගම වේප්‍රෝටීන් පානයක් හඳුන්වා දෙයි

 

වේප්‍රෝටීන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත්,දරුවන්ටත් විවිධාකරයෙන් පෝෂණය ලබාදෙන ජනප්‍රිය පෝෂණ මූලාශ්‍රයකි. වේප්‍රෝටීන් පානයක වැදගත්කම අවධානයට ගනිමින් ක්ෂණිකව පානය කළහැකි වේප්‍රෝටීන් පානයක් ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට හඳුන්වා දීමට මෙරට චීස් නිෂ්පාදනයේ පුරෝගාමියකු වන ලිලීචීස් සමාගම ජාතික විද්‍යාපදනමත් සමඟ කළ පර්යේෂණයකින් අනතුරුව පියවර ගත්තේය. මේ පර්යේෂණයේ අරමුණ වූ යේ විවිධ වයස් කාණ්ඩවල පෝෂණ අවශ්‍යතාවන්ට ගැළපෙන ස්වභාවික දියරමය තත්ත්වයේ ඇති වේප්‍රෝටීන් සහිත ස්වභාවික නැවුම් පලතුරු යුෂමිශ්‍ර පානයක් සෑදීමය. විධිමත්පුළුල් වෙළෙඳපොළ ඇගයීමකින් පසු සුදුසු වට්ටෝරුව සිරුරේ ප්‍රෝටීන සමබරතාව සුරැකීමටත්, ශාරීරික අභ්‍යාස හා ක්‍රියාකාරකම්වලින් ගෙවී යන ශක්තිය නැවත ලබාගැනීමටත්, මස්පිඬු වර්ධනයටත් එය උපකාරීවෙයි.

Comments