AIA ඉන්ෂුවරන්ස් 8 වැනිවරටත් GPTW වෙතින් ඇගයීමට | සිළුමිණ

AIA ඉන්ෂුවරන්ස් 8 වැනිවරටත් GPTW වෙතින් ඇගයීමට

AIA ඉන්ෂුවරන්ස් 8 වැනි වතාවටත් මෙරට රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස GPTW® වෙතින් ඇගයීමට පාත්‍ර වූ අතර කාන්තාවන්හට රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙසද අඛණ්ඩව 3 වැනි වසරටත් ඇගයේ!

AIA ඉන්ෂුවරන්ස් අඛණ්ඩව 8 වන වතාවටත් මෙරට රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස GPTW® වෙතින් ඇගයීමට පාත්‍රවීම මහත් අභිමානයෙන් සමරයි. එමෙන්ම කාන්තාවන්හට රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙසද අඛණ්ඩව තෙවන වසරටත් AIA ඇගයීමට ලක්වී ඇත.

2020 වසර සඳහා සිදුකරන ලද Great Place to Work® Trust Index© සමීක්ෂණය සහ Culture Audit© ප්‍රශ්නාවලිය සඳහා මෙරට සමාගම් අතරින් ඉහළ ලකුණු ලබාගනිමින් AIA ඉන්ෂුවරන්ස්, මෙම ජාත්‍යන්තර සම්මානයට හිමිකම් කියන්නට සමත් විය.

AIA ඉන්ෂුවරන්ස් හී මානව සම්පත් අධ්‍යක්ෂිකා තුෂාරී පෙරේරා සිය අදහස් දක්වමින් “මෙම සම්මානයට නොකඩවා හිමිකම් කීමට හැකිවීම මගින් අප සමාගම, අපගේ කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් ඇති කැපවීම මැනවින් පිළිබිඹු වෙනවා. ජනතාවට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිත ගත කිරීමට සහාය වීමේ අපගේ සන්නාම ප්‍රතිඥාව හා බැදෙමින් අපගේ සේවක මණ්ඩලයේ සෞඛ්‍ය, සතුට සහ සුභසිද්ධිය ප්‍රමුඛත්වයේලා ක්‍රියා කිරීමට අප සැමවිටම උත්සාහ ගන්නවා. රැකියාව කිරීම සඳහා විශේෂකොට සැලකෙන, විශිෂ්ට සේවායෝජක සමාගමක් බවට AIA තේරී පත්වීමට හේතුව මෙයයි”

Comments