PickMe නැණ පහනින් පොත් පත් ලබා දෙයි | සිළුමිණ

PickMe නැණ පහනින් පොත් පත් ලබා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය මඟී සහ භාණ්ඩ ප්‍රවාහන සේවා සපයන්න වන PickMe සිය ආයතනික සමාජ වගකීම් වැඩසටහන වන PickMe නැණපහන යටතේ ලංකාව පුරාම සිය හොඳම රියදුරු සාමාජිකයන්ගේ දරුවන්ට මේ වසරේදීද නව පාසල් වාරය සඳහා අවශ්‍ය පාසැල් උපකරණ සහ පොත් පත් නොමිලයේ ලබාදීම පසුගිදා දියත් කරන ලදී.

නැණපහන වැඩසටහන මඟින් පස්වන වරටත් පැවැත්වුණු මෙම උත්සවයේදී පාසල් සිසුන් 1600 දෙනෙකුට රුපියල් ලක්ෂ 40ක් වටිනා පාසල් උපකරණ සහ පොත්පත් ලබාදෙනු ලැබීය. මෙම උපකරණ කට්ටල හොඳම රියැදුරු සාමාජිකයන්ගේ නිවෙස්වලටම ඉතාම දැඩි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද සහ නීතිරීති යටතේ ලබා දුන් අතර PickMe ප්‍රධාන කාර්යාලයේ සරල උත්සවයක්ද පැවැත්විණි.

”අපගේ රියැදුරු සාමාජිකයන් PickMe හි ජීව රුධිරයයි. මෙම සරල අගය කිරීම මෙම වසරේදීත් ඔවුන් ඉතා දක්ෂ ලෙස සේවාවන් සැපයීමට මහඟු උත්තේජනයක් වනු ඇත. පසුගිය වසරේදී කෝවිඩ් වසංගත තත්වයේදී ඔවුන් සැලසු සේවය අපි විශේෂයෙන් අගය කරනවා. ඔවුන්ගේ කැපවීම සහ උනන්දුව අපි ඉතා ආදරයෙන් අගය කරනවා” යනුවෙන් PickMe ප්‍රධාන විධායක නිලධාරී සුල්ෆර් ජිෆ්රි ප්‍රකාශ කළේය. 

Comments