‘සංව­ර්ධන සන්නි­වේ­ද­න­යෙන් ගැටලු විසඳා ගත හැකියි’ | Page 2 | සිළුමිණ

‘සංව­ර්ධන සන්නි­වේ­ද­න­යෙන් ගැටලු විසඳා ගත හැකියි’

ටක් ලෙස මේ අවස්ථාව වන විට අපට ජයගත යුතු ප්‍රධාන ගැටලු දෙකක් වෙයි. එහි පළමුවැන්න වන්නේ අපේ රටටම ආවේණික වූ කාලාන්තරයක් මුළුල්ලේ අප මුහුණ දෙමින් පවතින විසඳාගත යුතු ප්‍රශ්න තිබීමයි. ඒවා විසඳා ගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂයන්ට දැවැන්ත ජනවරමක් ජනතාව විසින් ලබාදෙන ලදී.

 

දෙවැනි ගැටලුව වන්නේ එම ජනවරම ලබා දෙන අවස්ථාවේදී නොතිබූ නව ගෝලීය තත්ත්වයක් නිර්මාණය වීමයි. ඒ කොවිඩ් 19 නව වසංගතයයි. කොවිඩ් 19 වසංගතය ලෝකය පුරා පැතිර යෑම සහ එහි අභියෝගයට රටක් ලෙස අපේ රටටද මුහුණ පෑමට සිදුවේ. එය ලොව පුරාම පැතිරී ගොස් ලෝකයේ ප්‍රබලතම රාජ්‍ය සියල්ලම ආර්ථික වශයෙන් දණ ගැස්වීමට තරම් ප්‍රබල විය. එම රාජ්‍යයන් ආර්ථික වශයෙන් වැටීම හරහා දැනට ගෝලීය ආර්ථික අර්බුදයකට අප සියලු දෙනාම මුහුණ දෙමින් සිටියි.

එවැනි තත්ත්වයක, ආර්ථිකයේ පරිධියේ පවතින අප වැනි කුඩා රටවල් ප්‍රබල බලපෑමකට ලක්වී ඇත. අප කුඩා රටක් ලෙස මෙම සටන ජය ගනිමින් හිටියත් මුළු ලෝකය ම මෙම සටන ජය නොගත්තොත් අපට තනිවම මේ අර්බුදයෙන් නැගී සිටිමට නොහැකි වනු ඇත.

 

කොරෝනා එන්නත

 

කොරෝනා අර්බුදයෙන් ලෝකය මිදීම සඳහා නව එන්නතක් ලෝකය විසින් සොයාගෙන ඇත. ඒ එන්නත් මේ වන විට ලෝකයේ මිලියන ගණනක් දියුණු නොදියුණු සෑම රටකම ලබා ගනිමින් සිටියි. රටක් ලෙස ලංකාව නිවැරදි වේලාවේදී නිවැරදි තීරණය ගෙන , දැනට මේ මොහොත වන විට අත්‍යවශ්‍ය සේවාවල යෙදී සිටින සියලු දෙනාටම එන්නත ලබා දෙමින් සිටී. මේ ආකාරයට ඉදිරියටත් කටයුතු කළොත් අප්‍රේල් මාසය වන විට සම්පූර්ණයෙන්ම එන්නත්කරණයට ලක් වූ රටක් ලෙස අපේ රටද ලෝකයට එක් වනු ඇත.

එසේ නම් මේ මොහොත වනවිට අපේ රටට සංවර්ධනය අංශයෙන් වඩා ඉදිරියට යෑම වඩා වැදගත් වන්නේ ඇයි? ඊට හේතුව වන්නේ දෙවන ලෝක යුද්ධ සමයෙන් පසුව සුවිශේෂී අවස්ථා නිර්මාණය වූවා සේම මෙහිදීද දැවැන්ත ගෝලීය අවස්ථා ලෝකය පුරාම නිර්මාණය වෙමින් පැවැතීමයි. එනම් නව කර්මාන්ත ක්ෂේත්‍ර ඇතුළු ක්ෂේත්‍ර සොයා යෑමයි. විශේෂයෙන්ම විද්‍යාව හා තාක්ෂණය පදනම් කරගත් නව ක්ෂේත්‍රයන් මේ වනවිට නිර්මාණය වෙමින් පවතී . එලෙසම ඒ හා සම්බන්ධ නව රැකියා නිර්මාණය වෙමින් පවතී. රැකියා සිදු කරන්නේ නිවසේ සිට ද පිටත සිට ද ආයතනයේ සිටද යන සම්ප්‍රදායික ක්‍රමවේදයන් මේවනවිට යම් වෙනස් වීමකට පත්වී තිබේ. එලෙසම ප්‍රවාහන ක්ෂේත්‍රය ද ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවති . මෙලෙස ලෝකයේ සෑම ක්ෂේත්‍රයක්ම මේ වනවිට වෙනස් වෙමින් පවතින බව අපට දක්නට ලැබෙයි. කෙසේ වෙතත් මේ සියලු වෙනස් විම් හමුවේ අපේ රටද වෙනස් වීම් රැසකට සහ අභියෝගාත්මක කරුණු රැසකට මුහුණ දෙමින් පවතී. එසේ නම් මේ අභියෝගයන් ජයගැනීමට පෙර අපි නව කොවිඩ් 19 නම් වන නව අභියෝගය ජයගත යුතුව ඇත. අප්‍රේල් මස වන විට ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම එන්නත්කරණයට ලක් වූ රටක් වුවහොත් ලෝකයේ මුල්ම එන්නත් කරණය ට ලක් වූ ජාතීන් 5 හෝ 10 අතරට එක්වීමට ලංකාවට හැකිවෙයි. එසේ වුවහොත් මේ වනවිට අපේ රට ආර්ථිකමය වශයෙන් වඩා බිමට වැටෙන්නට ප්‍රධාන හේතු සාධකයන් අතර වන විදෙස් ව්‍යවසායකින් ශ්‍රමිකයන් සහ සංචාරකයන්ගෙන් ලැබුණ විදෙස් විනිමය අහිමි වීම වැනි අභියෝගයන් නැවත ජයගැනීමට හැකියාව ලැබෙනු ඇත. ලෝකය විශාල වශයෙන් මුදල් වැය කරමින් සංචාරය කරන දවසට ඩොලර් 1500/2000 වැයකරමින් සංචාරකයන් රටේ පවතින සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව වඩා සැලකිලිමත් වෙයි.

එහිදි අපි නිසි සෞඛ්‍ය ක්‍රමවේදයන් අනුගමනය කරමින් නිසි එන්නත්කරණයකට ලක්වූ රටක් වුවහොත් එසේ සංචාරයේ නිරත වන, සෞඛ්‍යය පිළිබඳව, රටේ පහසුකම් පිළිබඳව, ඉතා උසස් මට්ටමින් සලකන සංචාරකයන් අනිවාර්යෙන්ම ලංකාව වැනි රටවල් සංචාරය සඳහා තෝරාගනු ඇත. අපි දැනටමත් පුරෝකතනය කර ඇති ආකාරයට ඇමරිකානු ඩොලර් මිලියන පන්සියයක් අපිට ඒ අය මඟින් උපයා ගැනීමට හැකිවෙනු ඇතැයි අපි උපකල්පනය කර තිබේ.

 

ඩොලර් බිලියනයේ ඉලක්කය

 

එමෙන්ම එන්නත්කරණයට පත් වන දකුණු ආසායාවේ පළමු වැනි රට බවට අපේ රට පත් වුවහොත් අපිට එය ඇමරිකානු ඩොලර් බිලියනයේ ඉලක්කයකට යා හැකි තත්ත්වයකට සංවර්ධනය කර ගත හැකිවෙයි . එය මෙවැනි ලෝක අර්බුදයක් පවතින අවස්ථාවේ අතිවිශිෂ්ට ජයග්‍රහණයක් බවට පත් වෙයි.

පසුගිය වසර පුරාම රටත් ජාතියක් ලෙස එක්තරා ආතතියකට පත් වී සිටියා සේම මේ අර්බුදය හමුවේ අපේ රැකියා අවස්ථා ගිලිහී යාමට සිදුවෙතැයි යන්න මෙන්ම රැකියාවේ වැටුප් අහිමි වෙතැයිද නව රැකියා උත්පාදනයක් නොවෙයි ද යන කාරණා පැන නැඟ තිබුණි. එමෙන්ම බඩු මිල වැඩිවෙයිද බඩු මිල පාලනය කිරිමට ආණ්ඩුවට හැකිවෙයිද යන්න පිළිබඳවද ගැටලු මතු වි තිබුණි. ජනාධිපතිවරණයට පෙර ජනාධීපතිවරයා ජාතික ආරක්ෂාව ගැන පොරොන්දුවක් දී තිබූ නිසා ජනාධිපතිවරයා පැමිණි විගස මුලික ලෙස ම රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරනු ලැබිණි.

නමුත් කොවිඩ් 19 වසංගතය ජාතික ආරක්ෂාවේ එක්තරා පියවරක් වෙතැයි අපි නොදැන සිටිය නමුත් එය අද ජනතාවගේ ජාතික ආරක්ෂාවට ප්‍රබල තර්ජනයක් වී ඇත. ජාතික ආරක්ෂාව ත්‍රස්තවාදය සහ අනෙකුත් දේවල් අද අපි කළමනාකරනය කළද අපි අද මුහුණ දෙන ලද ප්‍රධානතම ජාතික ආරක්ෂාව සෞඛ්‍ය පිළිබඳ ගැටලුවක් බවට පත්වී ඇත.

මේ තත්ත්වයෙන් ගොඩ ඒම සේම සංවර්ධනය පිළිබඳව කතිකාවක් අද නිර්මාණය කිරීමට සිදුව ඇත. මේ සංවර්ධනය නැමැති සංග්‍රාමය ජයගන්නේ කෙසේ ද යන සංවාදයට මේ වන තෙක් අපේ මනස සුදානම් වී ඇතිද යන්න පිළිබඳ ගැටලු පවතී. ‘රටක් ලෙස ගොඩ නැඟීමට නම් රට සංවර්ධනය විය යුතුමය‘ යන කාරණාව පිළිබඳව තවම අපේ රටේ මාධ්‍ය සංවාදය ගොනු වී නැත. විශේෂයෙන්ම වසර තිහක යුද්ධයක් තිබුණ රටක් වන අපේ රටේ මේ වනවිට ප්‍රවෘත්ති වටිනාකමක් ඇතිවීමට නම් මරණයට පත් වීම්, හදිසි අනතුරුවිම් වැනි කාරණාවන් ඉස්මතු විය යුතුය. සංවර්ධනය සම්බන්ධයෙන් ක්‍රියා පිළිවෙත හා සන්නිවේදනය ඉතා දුර්වල තැනක පවතී.

එය අද සියලු ම විද්‍යුත් සහා මුද්‍රිත මාධ්‍යවලින් දක්නට ලැබෙයි. එහෙත් අපි ඇගැයීමට ලක් කළ යුතු ප්‍රධාන කාරණාවක් සහ ජාතික වගකීමක් ලෙස රටේ සංවර්ධනය හඳුනාගත යුතුයි. ඇතැම් මාධ්‍ය තමන්ගේ ගුවන් කාලයෙන් කොටසක් ද පුවත් පත්වල යම් ප්‍රමාණයක ඉඩක් සංවර්ධනය පිළිබඳව සංවාදයට ඇස යොමු කිරීමට යෙදවීම ඇගැයිය යුතු කරුණකි.

නමුත් තවමත් අපි විස්වාස කරන කාරණාවක් නම් මේ නව සංවර්ධන ක්‍රියාදාමයන් පිළිබඳව කතා කිරීමට කතිකාවක් ඇති කර ගැනීමට ජනතාවගේ අකමැත්තක් පවතින බවයි

එසේ ජනතා අකමැත්ත නිසාම මාධ්‍යවල වැදගත් කොටසක් ලෙස සංවර්ධන සන්නිවේදනය පිළිබඳ සංවාදය ඔවුන් නොසලකයි. එහිදි මාධ්‍යයට වඩා වැදගත් වන කරුණක් ලෙස සදහන් කළ යුතු කරුණක්ද වෙයි.

එනම් සංවර්ධන පිළිබඳ සමාජයේ ඇති කතිකාව ද්විපාර්ශ්ව ලෙසින් කළ යුත්තේ කෙසේද යන මතු කිරීමයි. සංවර්ධනය පිළිබඳ කතිකාව බොහෝ විට නිර්මාණය වි ඇත්තේ ඒකපාර්ශ්වීය ලෙසයි.

 

සන්නිවේදන සංවාදයක්

 

රටේ සංවර්ධනයේ නියමු කාර්යය කරන්නන් නිසි සංවර්ධන ක්‍රියා දාමයන් සිදුකරන ආකාරය ජනතාව අතරට සන්නිවේදනය නොවෙයි. දෙපාර්ශ්වය අතර ඒ සඳහා සංවාදයක් ගොඩනැගීමට ජනතාවටද ඉඩක් නොමැති වෙයි. ඒ තුළින් සංවර්ධන ක්‍රියාදාමයේදී ජනතාවගේ මතයන් ඉදිරිපත් කිරීමට සුදුසු වේදිකාවන් ඇහිරී යයි. ජනතාවට තම ප්‍රදේශවල සංවර්ධනය විය යුතු දේ පිළිබඳ අදහස් දක්වන්නට වේදිකාවක් නැති විම විශාල හානියකි.

නව රජය බලයට පත් විමේන් අනතුරුව සෞභාග්‍ය යේ දැක්ම වැඩසටහනේ තවත් දැවැන්ත පියවරක් වන ‘වැඩ සමඟ යළි ගමට‘. වැඩ සටහන යටතේ වැඩ කරන සියලුම දෙනා එකම වේදිකාවක් මත සිට ජනතා ප්‍රශ්න විසඳීමට කටයුතු කරයි.

එහිදී ප්‍රතිලාභ ලබන්නන් සහ අදාළ කටයුතු සිදු කරන්නන් එකම වේදිකාවක හමුවෙයි. එහිදි සංවාදයක යෙදිමක් වෙයි. මාධ්‍ය මේ දෙකම එක තැනකට ගොනු කරනු ලබන තැනක් බවට පත් වෙයි. මෙය ඉතා වැදගත් වැඩසටහනක් වන්නේ මේ දෙපාර්ශ්වයන් අතර සංනිවේදනයයි.

මේ නව සංවර්ධන මානයන් සොයා යෑම පිළිබඳ ජනතාව දැනුම්වත් කිරිම සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධාන වගකීම බවට පත් වී ඇත. සංවර්ධන සංනිවේදන සංවාදයක් ගොඩනැඟීම මෙහිදී වැදගත් වෙයි .

සංවර්ධනය පිළිබඳව සන්නිවේදනයක් පමණක් නොව ඒ පිළිබඳව සංවාදයක්ද ඇති කිරීම මේ මධ්‍යස්ථානයේ අරමුණයි. සංවාදය යනුවෙන් මෙහිදි අදහස් කෙරෙන්නේ අදහස් උදහස් බෙදා හදා ගැනීමයි. අපිට වඩා සුදුසු සංවර්ධන වැඩ පිළිවෙළ කුමක්ද යනුවෙන් කඩිනමින් විසඳාගත යුතු කරුණු ද වෙයි. සංවර්ධනයේ වැඩ පිළිවෙළ රැසක් ඇත. විශේෂයෙන් රටේ සුවිශේෂතා වන අධ්‍යාපනය මෙහිදී මුල් තැනක් ගනී.

අලුත් අධ්‍යාපන ක්‍රමවේදයන්ට අනුව අලුත් ලෝකයට ගෙන යන්නේ කෙසේද යන කාරණාව එහිදී මතුවෙයි. එය වසර හතරක කාලය අවසන් වනවිට නිම කරන්නේ කෙසේද? මාර්ගයේ දැනට ඇති වාහන සීමා කිරීම, පොදු ප්‍රවාහනයට ජනතාව යොමු කිරිම් වැනි කෙටිකාලින සහ දිර්ඝකාලින විසඳුම් ලබා දිය යුතු වේ.

පරිසරය ආරක්ෂා කරමින් අධිවේගි මාර්ග සංවර්ධනය විය ආකාරය පිළිබඳව සංවාදයක් ගොඩනැඟිය යුතුයි. පරිසර හිතකාමි අධිවේගි මාර්ග පුළුල් විය යුතුයි. පරිසරය සම්බන්ධයෙන් ද කෙටි හා දිගු කාලින සංවර්ධන උපාය මාර්ග සම්බන්ධ­‌ෙයන් ජනතාවගේ අදහස් ජනාධිපතිවරයා අපේක්ෂා කරනු ලබනවා. අපි කළයුතු වැදගත්ම දේ සංවර්ධනයේ නොයෙක් මානයන් සදහා නව සංවාදයක් ගොඩනැඟීමයි සංවර්ධනය යනු රජයක් තනියම කරන දෙයක් නොවෙයි.

පරිසරය සම්බන්ධයෙන් ජනතාව ඉතාමත් සංවේදි බව කොළඹට අවශ්‍ය අධිවේගි මාර්ගයක් වන කැලණිය සිට අතුරුගිරිය මාර්ගයේ වැඩ නිර්මාණය විමේදි අපි දුටුවා. එහිදි ඒ මාර්ගයේ වැඩනතර කිරිමට ජනාධිපතිවරයා නියෝග කළ ආකාරයත් අපි දුටුවා.

එයට හේතුව විශාල ජනතා විරෝධයක් පැමිණීමයි.

ඒ විරෝධයට ජනාධිපතිවරයා සංවේදි වුණා.

නිසිලෙස අදහස් හුවමාරුව වැදගත් වන්නේ මෙවැනි සන්නිවේදනය වියයුතු කරුණු පිළිබඳවයි. මේ සමහර සංවර්ධන ව්‍යාපෘති කොතරම් අත්‍යවශ්‍යද යන කාරණාව ජනතාවට දැනුම්වත් කළ යුතුයි.

 

ජාත්‍යන්තර අභියෝග

 

එමෙන්ම ජාත්‍යන්තරය හමුවේ අද අපි මුහුණ දි අභියෝගයන්ද මෙහි ලා සලකා බැලිය යුතු වේ. නිවැරදි තැනකට ඉදිරි පරපුර යවන්නේ කෙසේද ඉදිරි පරපුරට ඇති අනතුරු වළකාලන්නේ කෙසේද යන කාරණාවට නිවැරදි සන්නිවේදන මාධ්‍යයන් තුළින් සිදුවිය යුතුයි. නිවැරැදි ප්‍රචාරණ මාධ්‍ය තෝරා ගත යුතුයි රටක් ලෙස අපිට ඇති ඊළඟ ජාත්‍යන්තර අනතුරු වළක්වාලීමට ඇති විශාලම වගකීම ඇත්තේ නිවැරදි සන්නිවේදනයටයි. නිවැරදි සන්නිවේදන ක්‍රමයන් අනුගමනය කළහොත් අපි හමුවේ ඇති අභියෝගයන් ජය ගත හැකියි. ලංකාවට විරුද්ධව අද මානව හිමිකම් කවුසිලය දැවැන්ත ප්‍රචාරණයක් ගෙනයයි. සන්නිවේදනය භාවිත කරමින් අපි කෙසේද මේ අභියෝගයන් ජය ගනු ලබන්නේ යන කාරණාව මෙහිදී මතුවෙයි. මෙය අලුත් අභියෝගයකි. මේ ජාත්‍යන්තර අවුල නිරාකරණය කරගත යුතුයි.

ඒ සඳහා සන්නිවේදනයන් පුළුල් කර ජාත්‍යන්තරය දැනුම්වත් කළ යුතුයි. හැම අමාත්‍යාංශයන්ට ප්‍රවෘත්ති නිලධාරීන් වෙයි. ඒත් මාධ්‍ය ආයතනයට එක් මධ්‍යස්ථානයකින් සියලු තොරතුරු ලබාගැනීමේ අවකාශය නැත.

ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ කාර්යය භාරය වන්නේ සියලු දෙනා එකට එකතු වි සියලු දෙනා එකට සංවිධාන ගතවී සංවර්ධනය පිළිබඳ සන්නිවේදනය කිරිම් සැලසුම් කිරීමයි. අද මාධ්‍ය භාවිත කරන තරුණ පිරිස් විශාල ලෙස මාධ්‍ය අවභාවිත කරයි.

මෙයින් විශාල ගැටුම් ඇතිවෙමින් පවති. මෑත කාලින ගැටලුවලට හේතුව සමාජ මාධ්‍ය මගින් සාවද්‍ය ප්‍රවෘත්ති හුවමාරු වීමයි. නමුත් මේ ප්‍රවෘත්තියේ නිරවද්‍යතාවය කිසිවෙකු විසින් සොයන්නේ නැත. ඉදිරියේදි මේ සඳහා නිසි ක්‍රමවේදයන් නිර්මාණයකිරිම අපේ අපේක්ෂාවයි. ලංකාවේ විද්‍යුත් මාධ්‍ය සඳහා නීති රීති රෙගුලාසි බොහෝ අවම මට්ටමික පවති.

ඉදිරි වැඩ පිළිවෙළ දැවැන්ත සංවර්ධන ව්‍යායාමයක් වන අතර සියලු දෙනා එකට ඒකරාශි වෙමින් සියලු දෙනා සහාය විය යුතුයි. මේ අභියෝග ජය ගැනීම උදෙසා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතුයි. මෙවැනි මධ්‍යස්ථානයක් මින් පෙර තිබුණේ ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය නමිනි.

ඒ අවස්ථාවේදි රට ජාත්‍යන්තරය හමුවේ අපකිර්තියට අපහසුතාවයට පත් කරන්නට උත්සාහ කරන්නන්ගෙන් රට බේරාගනිමින් ඉතාමත් බුද්ධිමත් ලෙස ඉතාම සුක්ෂම ආකාරයට කටයුතු කරමින් රටේම අරමුණ එකතැනකට ගෙන ඒමට එවකට රජයට හැකිවිය.

අදත් ජනමාධ්‍ය ඇමැතිවරයා වන කෙහෙලිය රඹුක්වැල්ල ඇතුළු සියලු පාර්ශ්වයන්ද ජනතාවට නිවැරදි සංවර්ධනයට තොරතුරු ලබා දිම උදෙසා කටයුතු කරයි. එදා ලබාගත් අත්දැකීම් මේ නව සංවර්ධන වැඩසටහන යායුතු මඟ පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමේ වැඩ සටහන සඳහා ද ඒකරාශී කර ගනිමින් සාර්ථක ව කරගෙන යාමට ඒ අයගේ සහය ඉතා වැදගත් වෙයි.

Comments