තේ නිපැ­යු­මෙන් 28%ක් වතුරේ! | සිළුමිණ

තේ නිපැ­යු­මෙන් 28%ක් වතුරේ!

තේ නිෂ්පාදනයෙන් හතරෙන් එකකට අධික ප්‍රමාණයක් හානියට පත් වන බව වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය කනක හේරත් සිළුමිණට කීය.

තේ දලු පසු අස්වනු හානිය 28%ක් දක්වා ඉහළ ගොස් ඇති බව පැවසූ ඇමැතිවරයා එයින් 25%කටත් වැඩි හානියක් සිදුවන්නේ තේ දලු ප්‍රවාහනයේදී බවද පෙන්වා දුන්නේය. කර්මාන්තශාලා වෙත තේ දලු ප්‍රවාහනය කිරීමේදී මෙන්ම තේ දලු ඇසුරුම් කිරීමේදී මෙම හානිය සිදු වන බවද ඔහු පෙන්වා දෙයි.

කර්මාන්තශාලා වෙත තේ දලු ප්‍රවාහනය කරනු ලබන ලොරි රථ 8,000 ක් පමණ තේ වගා දිස්ත්‍රික් 13 පුරා සේවයේ යොදවා ඇති බවත් එම වාහනවල තේ අස්වනු නිසි ලෙසින් ප්‍රවාහනය කළ යුතු ආකාරය මෙන්ම තේ ඇසුරුම් කිරීම සඳහා ප්ලාස්ටික් කූඩවල බහා තේ දලු කර්මාන්ත ශාලා වෙත ප්‍රවාහනය කිරීම වර්ධනය කිරීමට කඩිනම් පියවර ගැනීමට කටයුතු යොදන ලෙස ඇමතිවරයා උපදෙස් දී ඇත. මණ්ඩලයට සහ කුඩා තේ වතු සංවර්ධන අධිකාරියට ප්ලාස්ටික් කූඩ සඳහා වටිනාකමෙන් සියයට 50 ක සහනාධාරයක් ලබා දීමට පියවර ගන්නා බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය. එමෙන්ම ප්ලාස්ටික් තේ දලු ප්‍රවාහන කූඩ වලට අමතරව විශේෂ ශක්තිමත් බවකින් යුත් දිගු කලක් භාවිතා කළ හැකි ලණු කූඩ විශේෂයක් හඳුන්වා දීමට නියමිත බවද ඇමැතිවරයා කීය.

Comments