ලාෆ්ස් Crimson බේකරි අලෙවිසැලක් කොතලාවල ආරක්ෂක රෝහල් පරිශ්‍රයට | Page 2 | සිළුමිණ

ලාෆ්ස් Crimson බේකරි අලෙවිසැලක් කොතලාවල ආරක්ෂක රෝහල් පරිශ්‍රයට

 

 සිය නවතම බේකරි අලෙවිසැල වේරහැර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ (KDU) රෝහලේ පරිශ්‍රයේදී මෑතකදී අරඹන ලදී. මෙම අලෙවිසැල විශ්වවිද්‍යාල රෝහලේ වෛද්‍ය සේවකමණ්ඩලයට, රෝගීන්ට, ආරක්ෂක සේවක මණ්ඩලයට සහ අනෙකුත් පරිභෝගිකයන්ට ලාෆ්ස් සමූහයේ සුවිශේෂී ක්‍රිම්සන් නාමය සහිත නිෂ්පාදනමිලදී ගැනීමට අවස්ථාව ලබාදීඇත. ලාෆ්ස් සුපිරි වෙළෙඳසැල්හී උපසන්නාමයක් වන Crimson බේකරිය පහසුමිලට රසවත් මෙන්ම නැවුම් බේකරි ආහාර පිරිනැමීම සම්බන්ධයෙන් ප්‍රචලිතය.

මෙම නවතම බේකරි අලෙවිසැල මෑත දී එහි විවෘත කළ සුපිරි වෙළෙඳසැලට යාබදව පිහිටා ඇත.

Crimson අලෙවිසැල LAUGFS අනන්‍යතාවය විදහා දක්වන විශේෂිත නිර්මාණයක් ලෙස පාරිභෝගිකයාට දැකිය හැකිය-

“ලාෆ්ස් සුපිරි වෙළෙඳසැල් නාමය හා බැඳුනු ප්‍රචලිත වෙළෙඳනාමය Crimson බේකරි අපගේ සෑම බේකරි අලෙවිසැලක මෙන්ම මෙම නව අලෙවිසැල ද අපගේ පරිභෝගිකයන් සඳහා ගුණාත්මක ආහාර සහ හිතවත් සේවාවක් සැපයීම සඳහා අපකැප වී සිටී. අත්දැකීම් බහුල වෘත්තීය බේකරි සේවක මණ්ඩලයකින් සමන්විත අපි ගුණත්වයෙන් ඉහළ රසවත් නිෂ්පාදන රැසක් සමඟින් සුවිශේෂි අත්දැකීමක් අපගේ පාරිභෝගිකයන්ට පිරිනැමීම සඳහා දිවා රෑ නොබලා වෙහෙස වී ක්‍රියා කරනවායැයි” ලාෆ්ස් සුපිරි වෙළෙඳසැල්හී අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරිනි ලිලන්ති හේරත් මහත්මිය පැවසුවා ය.

 

Comments