CIC Besto චිකන් නිෂ්පාදන පෙළ ශ්‍රී ලංකාව පුරා බෙදා හැරීම පුළුල් කරයි | සිළුමිණ

CIC Besto චිකන් නිෂ්පාදන පෙළ ශ්‍රී ලංකාව පුරා බෙදා හැරීම පුළුල් කරයි

 

CIC Poultry Farms සමාගම පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනූ CIC Besto චිකන් නිෂ්පාදන පෙළ තව දුරටත් බෙදා හැරීමේ කටයුතු පුළුල් කරයි. ඒ අනුව දිවයින පුරා පිහිටි බොහෝ සුපිරි සහ ප්‍රධාන පෙළේ වෙළෙඳසල්වලින් CIC Besto චිකන් නිෂ්පාදන සාධාරණ මිලකට ලබා ගත හැකිය. CIC Feeds සමූහ ව්‍යාපාරයේ අනුබද්ධ ආයතනයක් වූ CIC Poultry Farms සමාගම 2007දී කුකුල් මස් නිෂ්පාදනය ඇරැඹූ අතර වර්තමානයේදී 5%ක වෙළෙඳපොළ ප්‍රතිශතයකට හිමිකම් කියමින් දිනකට කුකුලන් 25,000ක පමණ නිෂ්පාදන ධාරිතාවක් පවත්වා ගෙන යයි.

උසස් ප්‍රමිතියෙන් හා ගුණාත්මකභාවයෙන් ඉහළ CIC Besto චිකන් සඳහා ISO 22000 HACCP තත්ත්ව සහතිකද ලැබී ඇති අතර එහි ඇති ඉහළ රසය පාරිභෝගිකයන් දැනටමත් හඳුනා ගෙන ඇත.

CIC Poultry Farms සතු කුලියාපිටියේ හා බඩල්ගම ගොවිපළවල්හි බොයිලර් කුකුලන් ඇති කරන අතර මස් නිෂ්පාදනය බඩල්ගම අති නවීන නිෂ්පාදනාගාරයේදී සිදු කෙරේ. ජාත්‍යන්තර ආහාර නිෂ්පාදන ප්‍රමිතීන් ඉතා ඉහළින් අනුගමනය කරන CIC Poultry Farms අවම මිනිස් මැදිහත්කමකින් සහ නවීන ස්වංක්‍රීය යන්ත්‍ර භාවිත කරමින් නිෂ්පාදන සිදු කරනු ලබයි.

Comments