E-City විසින් Dell Concept Store දියත් කරයි | Page 2 | සිළුමිණ

E-City විසින් Dell Concept Store දියත් කරයි

 

දේශීය වෙළඳ පොළ වෙත තාක්ෂණික විසඳුම් සැපයීමේ ප්‍රමුඛයා වන E-City විසින් ප්‍රථම Dell Concept Store බම්බලපිටිය යුනිටි ප්ලාසා හීදී විවෘත කරන ලදී. ලොව ප්‍රමුඛ Dell සන්නාමයේ නිෂ්පාදන රැසක් මෙහි ප්‍රදර්ශනය කර ඇති අතර, මෙම නවතම විශේෂ ප්‍රදර්ශනාගාරය හරහා දැන් පාරිභෝගිකයන්ට Dell තාක්ෂණික උපාංග රැසක් එකම වහලක් යටින් ඉතා පහසුවෙන් මිලදී ගැනීමේ හැකියාව හිමි වේ.

ලැප්ටොප්/පරිගණක යන්ත්‍ර ඇතුළු විවිධ තාක්ෂණික උපාංග සඳහා ගෝලීය ප්‍රමුඛ සන්නාමයක් වන Dell විසින් මෙලෙස විවෘත කරන ලද Concept Store හරහා මාදිලි ගණනාවක Dell තාක්ෂණික උපාංග පහසු මිලකට මිලදී ගැනීමේ හැකියාව දැන් පාරිභෝගිකයන්ට හිමි වේ.

මෙම නවතම Dell Concept Store පිළිබඳ සිය අදහස් දක්වමින් E-City හි සභාපති වසන්ත දිනුවන් මහතා මෙලෙස පැවසීය.

“ Dell Concept Store යනු ඉහළම තත්ත්වයේ Dell මාදිලියේ උපාංග රැසක් එකම තැනකින් මිලදී ගැනීමේ හැකියාව ලබා දෙන විශිෂ්ට ප්‍රදර්ශනාගාරයක්. 2013 වර්ෂයේ සිට DELL හා අප අතර පැවතුණු හවුල්කාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙස දිවයින පුරා විසිරුණු පාරිභෝගිකයන් වෙනුවෙන් මෙම ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමට අපට හැකි වුණා. අපගේ පළපුරුදු සේවක මණ්ඩලය හරහා දැන් ඔබට අවශ්‍ය ඕනෑම DELL උපාංගයක් මිලදී ගැනීමට යුනිටි ප්ලාසා හි පිහිටි Concept Store වෙත පැමිණෙන ලෙස අප ආරාධනා කර සිටිනවා.

Comments