මද්දකට හසු වී මුදවා ගත් කොටියා මිය යයි | Page 2 | සිළුමිණ

මද්දකට හසු වී මුදවා ගත් කොටියා මිය යයි

මද්දකට අසුව බෝපත්තලාව රජයේ සත්ත්ව ගොවිපොළ භූමියේ ඉතා අසාධ්‍යය තත්ත්වයෙන් සිටියදී ඉකුත් 24 දා සොයාගත් කොටියා රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඊයේ (31)  මියගිය බව වනජිවි දෙපාර්තුමේන්තුවේ පශු වෛද්‍ය අධ්‍යක්ෂක තාරක ප්‍රසාද් මහතා පවසයි.
 
උදර ප්‍රදේශයට දැඩි ලෙස තුවාල සිදුවීම කොටියාගේ මරණයට හේතුව බව අධ්‍යක්ෂකවරයා පැවසීය
 
වයස අවුරුදු 10 ක්  පමණ වන පිරිමි සතෙකු වන මෙම කොටියා අඩි 08 ක දිගින් යුත් හොඳින් වැඩුණු සත්ත්වයෙකි.
 
බෝපත්තලාව මැණික්පාළම ආශ්‍රිත රක්ෂිතයේ දඩයම්කරුවන් විසින් අටවා තිබූ මන්දකට මෙම කොටියා හසුවීමෙන් පසු ඌ මන්ද සවිකර තිබූ මුගුරද කඩාගෙන බෝපත්තලාව රජයේ සත්ත්ව ගොවිපොළ භූමියට පැමිණ සිටියදී ප්‍රදේශවාසීන් දැක ඒ පිළිබඳව පොලීසියට දැනුම්දී තිබේ.
 
පසුව රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ වෛද්‍ය අකලංක පිණිදෙණිය මහතා ඇතුළු වනජිවි නිලධාරින් කණ්ඩායමක් පැමිණ කොටියා නිර්වින්දනය කර රෝහල වෙත රැගෙන යනු ලැබූහ.
 
(අසේල කුරුළුවංශ )
 

Comments