රවී කරුණානායකට ඇප | සිළුමිණ

රවී කරුණානායකට ඇප

රුපියල් බිලියන 15 ක් වටිනා බැඳුම්කර වංචාවක් සම්බන්ධයෙන් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් හත්දෙනෙකු ඇප මත මුදා හරින ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියෝග කළේය.
 
ඒ අද (01) එම නඩුව අමල් රාණරාජා ,නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳිගේ යන ත්‍රි පුද්ගල මහාධිකරණය විනිස්සුරු මඩුල්ල හමුවේ නඩුව කැඳ වූ අවස්ථාවේදීය
 
 
ඒ අනුව එක් එක් විත්තිකරු රුපියල් ලක්ෂ 10 බැගින්වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ  අතර විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කරන ලදි
 
මෙම නඩුව නැවත අප්‍රේල් 29 වන දා කැඳවීමට විනිසුරු මඩුල්ල නියෝග කළහ

Comments