ගුවන පොබයන තිසර සය සර | සිළුමිණ

ගුවන පොබයන තිසර සය සර

 

 

සෝබර්ස් - නෑෂ්ට

 

ශාස්ත්‍රි - රාජ්ට

යුවරාජ් - බ්‍රෝඩ්ට

තිසර - කුරේට

ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන අන්තර් සමාජයීය එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉකුත්දා පැවැති තරගයකදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩක තිසර පෙරේරා එක් පන්දු වාරයක් තුළ හයේ පහරවල් හයක් එල්ල කරමින් වාර්තාවක් තැබුවේය. යුද හමුදා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන තිසර මෙම වාර්තාව තැබු‍වේ බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ ඩිල්හාන් කුරේ යැවූ පන්දුවාරයකදීය. පන්දු 13ක් තුළ ඔහු ලකුණු 52 ක් රැස් කළේ හයේ පහර අටක් සහිතවය.

ඔහු මෙම හයේ පහර හයේ වාර්තාව සමඟ එක් පන්දුවාරයක් තුළ හයේ පහරවල් හයක් එල්ල කිරීමේ ඉතිහාසය ඉදිරියට ගෙනයාමට සමත්වීම ස්වභාවිකය. ඒ අතරින් ප්‍රමුඛව මතකයට එන්නේ මීට වසර 53 කට පෙර ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් පිහිටුවූ හයේ පහර වාර්තාවයි. එංගලන්තයේ ප්‍රාන්ත ක්‍රිකට් තරගයකදී නොටින්හැම්ෂයර් කණ්ඩායම වෙනුවෙන් ග්ලැමෝගන් ප්‍රාන්තයට එරෙහිව සෝබර්ස් හයේ පහර හයක් එල්ල කළේ මැල්කම් නෑෂ්ට එරෙහිවය. ස්වන්සි පිටියේදී සෝබර්ස් මෙම ඉනිමට ලකුණු 76 ක් රැස් කළේ පන්දු 35 කදීය. සෝබර්ස්ගෙන් හයේ පහර හයකින් සංග්‍රහ ලැබූ මැල්කම් නෑෂ් පසුගිය වසරේ දී මරණයටපත්වූයේය. එවිට ඔහු සම්බන්ධයෙන් ගුණකථනයක් කිරීමට සෝබර්ස් ඉදිරියට පැමිණ තිබිණි.

මේ හයේ පහර වාර්තාව ගැන සොයා බලද්දී එංගලන්තයේ ආතර් වෙලාඩ් අමතක කරන්නට බැරිය. වේගයෙන් ලකුණු රැස් කිරීමේ හපනකු වූ ඔහු එක් පන්දුවාරයක හයේ පහර හයක වාර්තාවක් පිහිටුවා නැති වුවද ඔහු එසේ හයේ පහරවල් එල්ල කිරීමේදී නොමියෙන වාර්තා ලාභියෙකි. එදා ක්‍රිකට් විචාරකයන් ඔහුට කීවේ හයේ වීරයා කියාය. වෙලාඩ් එංගලන්ත ක්‍රිකට් තරග වාර හතරකදී තැබූ හයේ පහරවල් වාර්තාව අදටත් පවතින්නේය. ඒ 1935 දී හයේ පහර 66 ක්, 1936 දී 57ක්, 1938 දී 57ක් සහ 1939 දී 51 ක් වශයෙනි.

වරක් පොලාර්ඩ් එල්ල කළ හයේ පහරක් පිටියෙන් ඉවතට ගොස් යාබද මාර්ගයේ ධාවනය කරමින් තිබූ ලොරි රථයක් තුළට වැටුණේය. පන්දුව නැවත සොයාගන්නා විට එය සැතපුම් 143 ක් ඈත ලන්ඩන් නුවර දක්වා ගොස් තිබුණේය. පසුව පොලාර්ඩ් එල්ල කළ එම පන්දුව ක්‍රිකට් කෞකාතුගාරයක තැන්පත් කිරීමට එංගලන්ත ක්‍රිකට් බලධාරීන් කටයුතු කර තිබිණි.

 

ක්‍රිකට් පිටියේ අමතක කළ නොහැකි හයේ පහරවල් හයේ මං සලකුණු

 

රවී ශ්‍රාස්තී 1984-85

ගාර්ෆීල්ඩ් සෝබර්ස් 1968

රවී ශාස්ත්‍රි 1985

හර්ෂල් ගිබ්ස් 2007

යුවරාජ් සිං 2007

රොස් වයිට්ලි 2017 (ටී. 20)

හෂ්ටරතුල්ලා ෂාෂායි 2018 (ටී.20)

ලියෝ කාටර් 2020 (ටී. 20)

කිරන් පොලාර්ඩ් 2021

(ටී.20 අන්තර්ජාතික)

තිසර පෙරේරා 2021 (පළමු පෙළ)

 

 

Comments