නින්දෙන් පිබිදුණු කොළොම් තොට කෘත්‍රිම හොකී තණනිල්ල | සිළුමිණ

නින්දෙන් පිබිදුණු කොළොම් තොට කෘත්‍රිම හොකී තණනිල්ල

 

මහා වර්ෂාවකට පසු ඇතිවන්නේ දැඩි නිහඬ බවකි. කොරෝනා වසංගය අභියස සමස්ත ලෝකයම දිගු කලකට නිහඬ විය. එය පූර්ණ නිහඬත්වයක් නොවුණද දැනෙන සුළු නිශ්චලත්වයකි. එහි බලපෑම ක්‍රීඩා පිටියටද හොඳින්ම දැනුණේය.

පැලැස්තර දමා තිබුණු කොළඹ හොකී පිටියද වෙලී සිටියේ මහා නිශ්චලත්වයකය. පසුගිය අප්‍රේල් පළමුවැනිදා එම නිසොල්මන් භාවය බිඳ දැමීම සිදුවූයේ පුරපති කුසලාන හොකී තරගාවලිය ආරම්භ කරමිනි. එහි සමාරම්භක දිනයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ යුද හමුදාව අතර පැවැති හොකී ගැටුමක උණුසුම් අවස්ථා ක්‍රීඩා ඡායාරූප ශිල්පියාගේ කැමරා කාචයේ සනිටුහන් වූයේ මෙසේය.

Comments