කවි සිළුමිණ | සිළුමිණ

කවි සිළුමිණ

කළණ මිතු­රාට

කවු­රු­වත් නොකි­යවා ඉවත ලූ
මහා පත­රංග ජාතක පොත ම
අකුරු නො නසා හොඳින් කිය­වාන "මගේ"
නුඹ නිසයි ගෙනි­යන්නෙ ජීවිතේ
අමු­ණලා දුන් නිසා ශෝධිත ව ජාතකේ..

කන්දක වුණත් ඇතු­ළ­තයි ගින්දර
ඇල්ලෙන් වැ⁣ටෙන්නේ කඳු­ළුයි"සුන්දර"
ඇල්මක් නැති­වු­ණොත් හොය­න්නට දුක් සැම
පැල්මක් වුණත් ඇති වැන­සෙන්න හිත් ගම..

බැල්මක් නුඹේ හිරු කැල්මක් වුණා ගිර මත්තෙම
කුමක්දෝ වර­ද­කින් අත­හැ­රුණු බෝතලේ
බිම වැටී එකම ලේ දසත විසි­රුණු වෙලේ
පෑහුනේ නුඹ රුහිරු පන ගන්න තනි වෙලේ
දූවි­ලිය චෝදනා නුඹේ පය පාමුලේ.

කුසේ සොයු­රකු ලෙසේ පොවා කිරි සෙනෙ­හසේ
පසේ බුදු­ව­න්න­ටද ගුණේ කරුණා මෙසේ
ගසේ පොතු ලෙස ඇලී පිපු­ණාට මල් රැසේ
පසේ මුල සවි ද ?, "සැඩ සුළං " කඳ ,බඩ, හිසේ
නුඹෙ කැදැල්ලේ කවුළු පවා සෙල­වෙන ලෙසේ...

සැදූ බිඳි හද බිතම නුඹයි බැහැ රූ අඳිනු
ලෙයින් මන­සින් ලියමි හද පවුරෙ ගුණ කරුණු
තොසින් තව­මත් කැදැ­ල්ලම දකි­න්නට රිසිළු
නුඹ නෙතට සුව වුණෙද මම දුන්නු දුක් කඳුළු..

මට කියා දුන්නේම හැඩය සතුටේ කඳුළු
"පියඔ මම දකි­න්නෙද දැන් නුඹේ දුක් කඳුළු ? "

• සෞම්‍ය ලලිත් කළු­බෝ­විල

 

උදු­ම්බරා


කළු ගල් තලා නෙත් සොයනා පුංචි දුවේ
දුක් ගීයකි නුඹෙ සුසු­මන් අඳුරු තලේ
අඳ මට දෑස කුම­ටද මේ මහලු වියේ
කර­ගැට වැටුණු නුඹෙ දෑතින් ලොවම පෙනේ

පෙම් බස් දොඩ දොඩා දෑඟිලි බැඳි කාලේ
කුළු ගෙඩි පමණි නුඹෙ දෑතේ පැට­ලූ­යේ‍
­නුඹෙ මිතු­රි­යන් පති කුල­යට යන වේලේ
කළු ගල් තලයි නුඹ කළු ගල් වළ මැද්දේ

නුඹෙ මව සඳක් වී ඇත දුර අහස් ගැබේ
ඒ සඳ මැවූ පින් මල මගේ නුඹයි දුවේ
නෙක නෙක මල් පිපී තිබු­ණත් මේ ලෝකේ
උදු­ම්බරා පිපුණේ මගෙ පුංචි පැලේ

• තරුෂි නිම්නදී
 

සිතක ඉසි­ඹුව


සිතක් නම් අර­මුණු තනයි
එයින් පැන තවෙ­කක් සදයි
ගඟක දිය පහ­රක් වගෙයි
සැලෙන ගිනි සිළු­වක් බඳුයි
අසුරු සැණෙ­කින් සසල වන සිත‍
­පු­දුම බල­ගතු ශක්ති­යක්...

ක්ෂණ­ය­කින් දුර ගමන් යයි
තට්ට තනි­යම සැරි­ස­රයි
සතර ආසව මෝර මෝරා
ප්‍රභා­ෂ්වර සිත අඳුරු වෙයි...‍

හි‍රෝෂීමා අදත් වැළ­පෙන්නේ
නාසි කඳ­වුරෙ පුළුටු ගඳ එන්නේ
රන් දෙවොල අස දෙවිඳු ඉකි බින්දේ
යාල් පානමෙ අකුරු කෙත දැවුණේ

කුළු හරක් සිත බාණ කැඩු හින්දයි
මඩ වතුර පිරු­ණම විලේ
පතුල පැහැ­දිලි නෑ
නීල කැට­යක් වගේ නම් සිත‍
­ගැ­ඹුර විනි­විද පෙනෙ­ත්මැයි...

පියුම් ගැඹ­කින් නොඉ­පදී
සියුම් ලෙස දින දින වැඩී
නෙළුම් පත මත පිනි බිඳක් සේ
දිදු­ල­ව­න්නට සිතට හැකි නම්
සසර ඉසි­ඹුව එතැ­න­මයි

• විනීතා බී. අබේ­වි­ක්‍රම

 

විප්ල­ව­වා­දි­ය­කුගේ බිරිඳ


නිමිත්ත:
මිය­ගිය වාමාං­ශි­ක­යෙ­කුගේ බිරිඳ
උන්මා­ද­යෙන් හැසි­රෙ­න්නට විය...
හිමින් බිමින් තියන්න
ඔන්න ඔය ඔත­නින්
ළම­යිනේ
මහ­ත්තයා කැමති නෑ
සාලේ තනි­යම නිදා­ගන්න...

මොක­ටද මේ ෆ්‍රෙෂ් මල්
මට මතක නෑනේ
ඇන­ව­ස­රිද? අද අපේ­වත් ද?
මගෙ හිතේ මංගල දිනේ...

දරු­වන්ගේ ඉගෙ­නු­මට
සවු­ක්කය තත්ත්වය ට
සල­ක­නවා මදිලු කියන්නේ
මටනං නෑ ඔය මඟුල්
දැනෙන්නේ
වතුර ටැංකි­යක උස
කවුද?
මයේ මිනි­හට නගින්න කීවේ...

මාසේ පඩි­යට කව­දා­වත්
මං උඹව නෑ සැක කෙරුවේ
පක්සේ ළම­යි­නුත් ඇවි­දින්
අද­නම් මං බෑ කියන්නේ...

හංදි­යට අලුත් ෆිල්ම් එකක් ඇවි­දින්
හයයි තිහේ ෂෝ එක
ඔය ඇඳුම හොඳා උඹ එන­වද සෝමේ
අදත් අතේ පිච්චිය නෑ වගේ ඒකනේ
ඔහොම ඉන්නේ

• නදූෂ මදු­රංග

 

 

පුතු

‘හිරු ලොවට උදා‍වෙයි’
නුඹෙ සින­හ­වත් සමඟ
සුදු රෝස මල් පිපෙයි
නුඹේ සුව­ඳත් සමඟ...
සිනිඳු නුඹෙ තෙපුල් මට...

රෝස මල් පෙති සේම
නුඹේ ඔය නෙතු සඟල
මට වටී මිණි සේම
නුඹ යනෙන මග දිගට...

මල් පිපෙයි හැම­දාම
‘පුතුනි’ නුඹ මගෙ ලොවේ
මිණි පහන හැම­දාම

• චන්ද්‍රා ලිය­නගේ
 

 

 

දෙවි­යන්

අන්ධ­කාර උම­ඟක දෙපස වැසූ
ලාටුගා වෑල්ඩින් කළ ලෙන් දොරක
කෙසේ සිදු­රුවී දැයි නොදත්
කුඩා විය සිදු­ර­කින් ගලන එළි­යක්

• සංජය ප්‍රිය­ද­ර්ශන

 

 

අන්තිම කැමති පත්තරේ

ගුණ නැණ බෙලෙන් යුතු
පුතුන් අද නැත
එයින් සස­ලයි මගෙ සිත‍
­ප­න්ස­ලට ලිය­න්නත්
සිතක් නැත
පන්ස­ලෙත් හිමි­ක­මට
නඩු ඇත
පින් මද පුතුන් එමට ඇත
කාට කෙසේ ලිය­න්නද
මගේ,
අන්තිම කැමති පත්තරේ

• දයා­නන්ද පොන්න­ම්පෙ­රුම

 

හිඩැස

පියරු තැවරූ
හත­රැස් තනි­රූල් කොළ...
පැව­රුම් පොත් මැදි­කර
ඉඳ­හිට හුව­මාරු වුණු..

ඉව­සී­මෙන් උත්තර
පමා වෙන­කොට
තනි­යම අඬපු...
උන් අද පවු­ල්රහ කර‍
­කන හැටි
දකි­න­කොට...

දුර­ක­ථ­න­යක් කළ හදි
පේනවා දික්ක­සාද
පෝලිම් පිරෙ­න­කොට.....

• ලලී­ ස­මරු සම­ර­ක්කොඩි

 

 

සිත්ත­රාගේ ප්‍රේමය

සර­සන්න නම් පාට මහ ගොඩයි පපු­තුරේ
මැකිය හැකි වෙද පාට ගා තදින් ඇඳි­ඉරේ
දිය සාය­මෙන් ඇන්ද ධවල පැහැ සිත්තරේ
තිබු­ණේම මත­ක­යයි උඹ දීපු ගින්දරේ

කියා­පන් මට වඩා කොයිද වැඩි උණු­හු­මක්
නිවුණු සිත ළඟදි මගෙ වීද මදි පාඩු­වක්
දිලි දිලි නිවු­ණාට තරුවෙ නෑ රස්න­යක්
ආන් අර බලා­පන් සිඳී­ගිය පිය­ප­තක්

මුරු­ග­සන් වරු­සාවෙ තෙමී හිටි­යත් නිතර
රැඳුණෙ නෑ දිය බිඳක් සිය­පතේ පත් අතර
තෙමෙන විට හිත පුරා ප්‍රේම වරුසා අතර
තිබු­ණාද රැක­ව­රණ කැට කැබලි වදි­න­තුර

නිරා­මිස සුව විඳිමි පාට ගා උඹෙ රුවේ
නෑ හිතක් ගර­හන්න වින්ද සුන්දර සුවේ
අර­වින්ද නොවේ මා බතිගේ පෙම් කවේ
තනි­ක­මත් සුන්ද­රම විඳී­මක් මේ ලොවේ

• තුෂාරි ජය­සිංහ

 

මගේ ගම


හිරු රැස් වැටී කෙත් යායම දිලෙන විට
සම­නල රෑන නට­මින් යයි සතර වට
සියො­තුන් ගී නාද රැව් දී ගයන විට
මගෙ ගම් පියස සුර විම­නක් ලෙසය මට

පන්සල දෙසින් ඇසෙනා ඝණ්ටා නාදේ
දෙස­වන් අබි­බවා බොහො ඈතට වීදේ
ඈතින් පෙනෙන සම­නල කඳු සිරි පාදේ
වැඳ සිහි කරමි ගෞතම මුණි­ඳුන් කීදේ

පෙනෙනා වෙහෙර තුරු වදු­ලට ඉහළ දෙසින්
මන­රම් දසුන් මව­මින් සිත තබයි තොසින්
පන්සල වෙතට යන බැති­මත් දනන් විසින්
සෙත සල­සයි ගමට උව­දුරු නසන ලෙසින්

ළා නිල්පාට කෙත් වතු හැම සරු සාරයි
පෙර දිග අහස කඳු පේළිය මන­හා­රයි
ළඟ එන කන්න­යට අටු කොටු සරු සාරයි
මගෙ ගම් පියස පත්තිනි අම්මට බාරයි

• නන්දි­සේන මුහ­න්දි­රම්ගේ

 

ප්‍රේම­යෙන් නිවීම


එය අස­ම්මත අහ­සක්
තිබුණේ නැ කිසි නින­ව්වක්
මම... කඩා­ගෙන වැටුණු,
තරු­වක්
නුඹ හඬ­න්නට ඇති
වරු­වක්...

සමු­ගන්න කථා­වක්
දැන­ගෙ­නම පෙම් කළා
වතා­වක්,
ඒක ලස්සන හීන­යක්
හිත­ව­තිය, මේත් එක
ප්‍රේම­යක්....

නික්ම යන්නට මොහො­තක්
දෙන්ට ඇහැ­කිද හාදු­වක්
තවත් එක ඇර­ඹු­මක්
දෙන්ට නැ ඉති­රිව කිසිත්
තියා යමි මං, නුඹ ළඟින්
ලියපු කවි­යක පේළි­යක්...

• නිශාන්ත දස­නා­යක

 

 

පෙළ­පත


වකුටු වූ අත් දෙපා දිග හැර
ඇර­ඹු­වෙමි ගම­නක් වෙහෙ­ස­කර
පෙක­ණි­වැල මට ඉතින් අව­සර
බිලි­ඳි­යක දුටු තිඹිරි ගෙයි ඉර..
.
ලද ද උණු­සුම් තුරුලෙ මවු සුව
කිමද නොප­හන් මුහුණු මුමු­නන
නොවූ සැටි පුත් කුමර බිලි­ඳකු
රැගෙන යන්නට අපේ පෙළ­පත..
.
ඇයිද නෑයිනි නුඹේ පෙළ­පත
අරන් ආවෙ ද තබා හිස මත
බරින් මිරිකී නොරි­දුනෙ ද ගත
පව­ර­නුද බර අන් කෙනෙකු වෙත...

සිනා­සෙනු, දැක බිලි­ඳි­යක වත
මුදා පෙළ­පත් බරින් පුහු හිස
නගා සිටු­වනු දිනෙක හැකි­නම්
දෙපා යට වැති­රුණු මිනි­ස්කම..

• මාලා විජේ­කෝන්

 

 

නිවැ­රැදි කර නැත


සුළඟ
අහසේ දැවටී
මඳ­හස පාමින්
ඈතින් ඈතට
ඉගිළ ගියා

අතු අග දැවටී
ඉඟි බිඟි පාමින්
කොළ­මල් හල­මින්
විසිර ගියා...

වර­කට සුමු­දු­යි‍
­ව­ර­කට නපු­රුයි
එන­මුත් නැති­වම
බැරි දෙයකි..
.
නැව­තුන තැන­කින්
ආපසු එනු මැන
මුල­ටම ඇදෙ­මින්
අහසේ ලෙළ­දෙනු
දකිනු රිසින්...

හැම­දෙන
හැම දෙය
පව­ති­න්නට නම්
ඔබ, අප අතර ම
විසිය යුතුයි...

• රාජා හේමන්ත පින්න­වල

 

නිහ­ඬ­තා­වේ කුම­න්ත්‍ර­ණය


රාත්‍රිය නිදි­බ­රය,
කවු­රුන් නමුදු
පිවිස ඇත හද­මැ­දු­රට රහ­සින්
සිහින සොර­කම් කරනු උදෙසා-
සිහින සොර­ක­මය
බිහි­සු­ණුම අප­රා­ධය.
සොරුන්ගේ පා සට­හන්
රැඳී ඇති නමුදු
සෑම වීදි­ය­කම
සෑම නුව­ර­කම
සෑම රට­කම
කිසිදු ඇස­කට හසු නොවේ ඒවා,
කිසි­ව­කුද නැත බිය­පත්ව.
විටෙක හඬ නඟයි හුදෙ­කලා කවක් පම­ණක්
බල්ලකු මෙන්, දම්වැ­ලක බැඳ ඇති.


(පන්ජාබ් ජාතික කිවි­ඳි­යක වූ අම්රිතා ප්‍රිතම් විසින් රචිත කාව්‍ය නිර්මා­ණ­යක් ඇසු­රිනි)
අම්රිතා ප්‍රිතම් (1919 - 2005)


පන්ජාබ් හා හින්දි භාෂා­ව­ලින් නිර්මා­ණ­ක­ර­ණයේ යෙදුණු කිවි­ඳි­යක, නව­කතා රචි­කා­වක හා විචා­රි­කා­වක ලෙස ප්‍රක­ටව සිටි අම්රිතා ප්‍රිතම් කාව්‍ය නිර්මාණ හා ප්‍රබන්ධ කෘති රැසක් ලියා පළ­කර ඇත. ඉන්දි­යාවේ සාහිත්‍ය ඇක­ඩමි සම්මා­නය හා භාර­තීය ඥාන්පිත් සම්මා­නය ඇතුළු ජාතික හා ජාත්‍ය­න්තර ඇග­යීම් ප්‍රණාම රැස­කින් පිදුම් ලබා ඇති ඇය රසික විචා­රක අව­ධා­නය ඉහ­ළින්ම දිනා­ගත් ප්‍රථම පන්ජාබ් කිවි­ඳිය මෙන්ම පන්ජාබි බසින් කාව්‍ය­ක­ර­ණයේ යෙදුණු 20 වැනි සිය­වසේ ප්‍රමු­ඛ­තම කිවි­ඳිය ලෙසද සැල­කෙයි. ඇගේ නිර්මාණ රැසක් වෙනත් ඉන්දි­යානු භාෂා­ව­ලට මෙන්ම ලොව පුරා වෙනත් විවිධ භාෂා­ව­ල­ටද පරි­ව­ර්ත­නය වී ඇත.

• අජිත් නිශාන්ත

 

 

අම්මා එන­වැති හන්දියේ


පොතානේ මහ වන්නියේ කටු ලන්ද පීරුවේ අපි නිසයි
හුරුල්ලේ දෙවි නොබල හිටියේ මන්ද තාමත් මට සැකයි
හිමේ පීරල බැද්ද වපු­රල ගත්තේ දහ­ඩිය විත­ර­මයි
ලෙඩ ඇදට අප්පච්චි වී ගෙව්නෙ පුර­හ­ඳ­වල් දෙකයි..

අමා­වකේ රුදු තිත්ත කළු­වර බැද්ද අව­ටින් බැල්ම­වැ­ටිලා
මිදුල මැද්දේ රැට දැල්වුණු පහ­න්පැල ඇත අදු­රු­වීල
පැලේ කළු­වර පිලෙන් මෙපි­ටට වැද්ද නොග­නිමි කියලා
දෙතනේ වෑහෙන කිරිත් අර­ගෙන අම්ම අද කුලි­යට ගියා...

තවම ඉදු­ලක් කට­ගාල නැති මල්ලි කිරි ඉල්ලා අඩන්නේ
ගලෙන් පැන ආ ඇති­න්නිය ගැන කෙලෙස නැළ­විලි ගී ගයන්නේ
ඊයේ මැදි­යම් යාමේ ඇවි­දින් ගමේ පන­කෙදී දෙකක් ගත්තේ
වැවෙන් එගො­ඩහ ඉහ­ත්තා­වෙන් තවම අලි පුසු­බයි හමන්නේ...

උදැ­සන කිරි කොක්කු රෑනට සුදෝ සුදු පැහැ නැතිව බැහැ
කිරට යන­විට මල්ලි රැක­ගෙන ගෙදර ඉන්නට කෙනෙක් නැ
කිරිත් අර­ගෙන ගෙදර එන­විට කොක්කු රෑනේ ගිහින් බහැ
කන කොකෙකු තටු සලා ගිය­බව දුටුව කාටත් නුහුරු නැ ...

දවසේ ගොම්මන් යාම­යට පෙති හැලුව මල්ගහ මුදු­ණතේ
රෑට දැන් දැන් උල­ලෙන් හඬ මොකද මන්දා හීතලේ
නෑර­පෝ­යට මෝදුවී හද රන්දනා සේ ආකාහේ
හැම දුක්කඳ නිවා­ලන අපේ අම්ම එන­වැති හන්දියේ...

• විශ්ව චමෝද්

 

 

විඳිමි සොබා­දම් අසි­රිය

වන­ව­දුල තුළ සැරි­ස­රන විට නැවුම් දින­යක සිසිල කැටි­කොට
තුරු ලතා පත් සැලෙන රිද්මය දැනෙයි, හද­වත අවදි කෙරු­මට
සිසිල දන­වන, නිසල වන පෙත පැතිර ගිය තුරු ලතා වට­කොට
උදෑ­සන හිරු කුමරු හිනැ­හෙයි, පවන් රැල්ලක සිසිලමැදි­කොට

සැලෙන සුළ­ඟට සුමුදු කෙහෙ­රැලි, සසල වි සැම­තැ­නම යන­විට
ගැඹුරු සුසු­මක් හදින් පිටවි, සෝ සුසුම් පා වේවි ඉව­තට
කුරු­ල්ලන් හඬ නගන රිද්මය, උදැ­සන සිත අවදි කෙරු­මට
ඔවුන් ආසිරි ගීත තෙප­ලයි, බිඳුණු හද­වත් සනස වන්නට

මුළු ලොවම එළි පෙහෙළි කර­මින්, හිරු කුමරු දිලෙ­නව නිල­ඹර
සුවඳ මල් පිබි­දිලා සැම­තැන, පරි­ස­රය විය නිබඳ පැහැ­සර
බලා සිටි­නෙමි, මලින් මල රොන් උරන මී මැස්සන්ගෙ කඩි­සර
මෙවැනි සුන්දර සොබා දම් සිරි විදි­න්නට අප ඇතිය පින්කර

සිඳු තුරුල රළ නැගෙන හඬ මැද ළමුන් දුව පැන ගීත ගය­මින
සැදෑ අඳු­රෙහි සිරිය වැඩි­කොට පරි­ස­රය ගීත­වත් කර­මින
ඇත අහ­සෙහි සුදු කොකුන් රල පියඹා යයි පවන් සල­මින
බලා සිටි­නෙමි හිරු බසින සැටි ලෝ දහම ගැන පසක් කර­මින

• තක්ෂලා සේර­සිංහ

 

 

ඔබේ කවි නිර්මාණ පහත ලිපිනයට එවන්න
කවි සිළුමිණ, ලේක්හවුස්, කොළඹ 10.
විද්යුත් තැපෑල - [email protected]

Comments