අවු­රු­ද්දට ගමේ යන්න විශේෂ දුම්රිය 21ක් | සිළුමිණ

අවු­රු­ද්දට ගමේ යන්න විශේෂ දුම්රිය 21ක්

ලුත් අවුරුදු සමයේ ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව තකා විශේෂ දුම්රිය 21ක් ලබන 9 වැනිදා සිට ධාවනයට යොදවනු ලබන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න සිළුමිණට කීය.

මේ අතුරින් කොළඹ කොටුව සහ බදුල්ල අතර ධාවනය වන දෙනුවර මැණිකේ නගරාන්තර දුම්රිය මේ වන විටත් ගමන් ආරම්භ කර ඇතැයිද එම දුම්රියට අමතරව දුර සේවා දුම්රිය කිහිපයක් හා දකුණු කළුතර හා රඹුක්කන අතර වැඩි දුම්රිය ප්‍රමාණයක්ද අනෙක් මාර්ගවලද දුම්රියන් ධාවනය කිරීමට කටයුතු යොදා ඇතැයි සෙනෙවිරත්න මහතා කීය. මෙම විශේෂ දුම්රිය සේවා අප්‍රේල් 19 වැනිදා දක්වා පැවැත්වෙනු ඇතැයිද ඔහු පැවසීය.

කෙසේ වෙතත් අප්‍රේල් 14 වැනිදා දුම්රිය ධාවනයේ අඩුවක් වීමට ඉඩ ඇතැයිද ඔහු පෙන්වා දුන්නේය. එසේම බස් රථ 200ක් පමණ අතිරේකව යොදවන බව ශ්‍රී ලංගම සභාපති නීතිඥ කිංස්ලි රණවක පවසයි.

Comments