ඇඟ­ලුම් සේව­ක­යන් කබ­ළෙන් ළිපට | සිළුමිණ

ඇඟ­ලුම් සේව­ක­යන් කබ­ළෙන් ළිපට

කොවිඩ් 19 වසංගත තත්ත්වයට මුවා වී ඇඟලුම් කර්මාන්ත සේවකයන් ලක්ෂ තුනකගේ පමණ අයිතිවාසිකම් දිගින් දිගටම කප්පාදු කරමින් කර්මාන්තශාලා හිමියන් ලාබ ලබමින් සිටින බව නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සමලේකම් ඇන්ටන් මාකස් සිළුමිණට පැවැසීය.

ඉකුත් සමය තුළදී නිදහස් වෙළෙඳ කලාප සේවකයන් 55,000කගේ පමණ රැකියාද අහිමිකොට ඇති බවත් 2020 මාර්තු, අප්‍රේල් සහ මැයි මාසයන්හි සමස්ත නිදහස් වෙළෙඳ කලාප සේවකයන්ගේ දළ මාසික වේතනයෙන් 40%ක පමණ ප්‍රමාණයක් අහිමිකර ඇති බවත් එය ඇමෙරිකානු ඩොලර් මිලියන 24ක පමණ අතිවිශාල මුදලක් බවද හෙතෙම කීවේය.

 හදිසි ව්‍යසනකාරි තත්ත්වයක වුවද රටේ ආර්ථිකය පවත්වාගෙන යා යුතු බැවින් කොවිඩ් වසංගතය උත්සන්නව පැවැති සමයේ වුවද නිදහස් වෙළෙඳ කලාප කම්කරුවන් 275,000කට අධික පිරිසක් රටේ මුළු අපනයනවලින් 40%ක් නියෝජනය කරමින් සේවයෙහි නියුතු වූ බවත් වෘත්තිය සමිති එකමුතුවක් ලෙස අවම කොන්දේසි කෙරෙහි හෝ අවධානය යොමු නොකොට හාම්පුතුන් විසින් සේවකයන්ගේ ආරක්ෂාව සහ අයිතිවාසිකම් නොසලකා හැරීම පිළිබඳව සේවකයන් ඇතුළු වෘත්තිය සමිති දැඩි විරෝධය පළ කරන බවද සමලේකම්වරයා පැවැසීය.

 

 

Comments