නීති­ඥ­ව­රි­යක ලෙස පත්වෙයි | Page 2 | සිළුමිණ

නීති­ඥ­ව­රි­යක ලෙස පත්වෙයි

රාගම, වල්පොළ දුල්මිණි රසදරී කුලතිලක ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරියක වශයෙන් අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමන් ඉදිරියේ දිවුරුම් දුන්නාය. කුලතිලක මෙනෙවිය ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් පළමු පන්තියෙන් නීතිවේදී උපාධිය සමත්වූ අතර, ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙන් නීතිඥවරියක වශයෙන් ගෞරව පන්තියෙන් සමත් වී ඇත. ඇය මේ වන විට නීතිය පිළිබඳ පශ්චාත් උපාධියක් සඳහා සූදානම් වෙමින් සිටී. දුල්මිණි පර්යේෂණ නිලධාරිනියක වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ සේවයේ යෙදී සිටින අතර ඇය විශ්‍රාමලත් විනිසුරු ජී. ඩී. කුලතිලකගේ සහ මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂකවරියක වශයෙන් සේවය කර විශ්‍රාම ලැබූ කුමාරි කුලතිලකගේ දියණියයි. ඇය කොළඹ විශාඛා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි.

Comments