සහන මල්ලට ලොකු ඉල්ලු­මක් | සිළුමිණ

සහන මල්ලට ලොකු ඉල්ලු­මක්

මෙරට ඉතිහාසයේ සතොස වැඩිම ආදායම පසුගිය බ්‍රහස්පතින්දා හා සිකුරාදා දිනවල ලැබුණු බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.

මේ පිළිබඳව කරුණු පැහැදිලි කරන වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසන්නේ සතොස අලෙවි සල් ජාලය හරහා ක්‍රියාත්මක සතොස සහන මල්ල නිසා හා අඩු මිලට අත්‍යවශ්‍ය ආහාර වර්ග 27 ක් දීම නිසා මෙම තත්ත්වය ඇතිවී ඇති බවයි.

මේ යටතේ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 27 ක් මිල අඩුකර ජනතාවට ලබාදීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවත් ඊට අමතරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 12 ක් ඇතුළත් බඩුමල්ලක් රුපියල් 1,000 ක් වැනි මිලට ලබාදෙන බවත් ඇමැතිවරයා පවසයි. මේ අතර කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පවසන්නේ උත්සව සම‍ය වෙනුවෙන් කැකුළු හාල් කිලෝවක් රුපියල් 93 ටත් නාඩු කිලෝවක් රුපියල් 97 ට සතොස සමුපකාර හා සුපිරි වෙළෙඳ සංකීර්ණ මඟින් ලබාදීම දැන් ක්‍රියාත්මක බවයි. වී අලෙවි මණ්ඩලය තමන් සතු වී හාල් කර මෙලෙස ලබාදෙන බවත් ඇමැතිවරයා කීය.

 

 

Comments