මාතර ආසිරි සුපර් රන් ස­ම්මාන දිනයි | Page 2 | සිළුමිණ

මාතර ආසිරි සුපර් රන් ස­ම්මාන දිනයි

මාතර පුරවරය කේන්ද්‍ර කරගනිමින් සේවා සපයන ප්‍රමුඛ පෙළේ වෙළෙඳ ජාලයක් වන ආසිරි සුපර් ආයතනය ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සහ මාතර හා ගාල්ල වාණිජ මණ්ඩලවල දායකත්වයෙන් හම්බන්තොට දිස්ත්‍රික් වානිජ මණ්ඩලය සංවිධානය කළ දකුණු පළාත් විශිෂ්ටතම ව්‍යවසායකයා 2020 සම්මාන උලෙළේදීම ධ්‍යම පරිමාණ කාණ්ඩයේ සේවා අංශයේ විශිෂ්ටතම ව්‍යාවසයාකයා ලෙස මාතර ආසිරි සුපර් අධිපති චමින්ද උඩගමගේ මහතා පිදුම් ලැබීය. කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් තංගල්ල ගෝල්ඩන් පර්ල් හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැති සම්මාන උළෙලේදී චමින්ද උඩගමගේ මහතා වෙත මෙම සම්මානය පිරිනමන ලදී.

මීට පෙරද විවිධ සම්මාන රැසකින් ආසිරි සුපර් ආයතනය පිදුම් ලබා ඇත.

“මාතර නගරයේ පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනූ ආයතනයක් වෙන්න අප වසර ගණනාවක සිට ලැබූ ව්‍යාපාර අත්දැකීම් රැසක් බලපෑවා. මෙම ව්‍යාපාරය වත්මන් තත්ත්වයට පැමිණියේ බාධක රැසක් මැද අභියෝග රැසක් ජයගෙන.

පාරිභෝගිකයන්ට විශිෂ්ට සේවයක් සැපයීම ප්‍රමුඛ අරමුණ කරගෙන කටයුතු කරන නිසා පාරිභෝගිකයන්ට අප කෙරෙහි ඇත්තේ විශාල විශ්වාසයක්.

මෙම ජයග්‍රහණයට සුවිශේෂදායකත්වයක් සැපයූ අපගේ සුපර් ආයතනය සුපිරි වෙළෙඳසැලක්, පොත් හා තෑගි භාණ්ඩ අලෙවිසැලක්, ඔසුසලක්, ගෑස්බෙදාහැරීමේ මධ්‍යස්ථානයක්, බේකරියක්, අවන්හලක්,තොග අලෙවිසැලක් හා මාතර - යටියන මගී ප්‍රවාහන සේවාවක්ද ඇතුළු ව්‍යාපාර අංශ රැසකින් සමන්විතය. ආසිරි සුපර් තවදුරටත් විවිධ අංශ ඔස්සේ පුළුල් කිරීමටද නියමිතය.

Comments