‘The Grand’ මහේශාක්‍ය දිවියක ඇරඹුම | සිළුමිණ

‘The Grand’ මහේශාක්‍ය දිවියක ඇරඹුම

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ සංවර්ධන සමාගමක් වන ප්‍රයිම් සමූහය තම 25 වසරක අත්දැකීම් සමඟ ස්වර්ණමය පිය සටහනක් තබමින් කොළඹ 7 වෝඩ් පෙදෙසේ ඉදිකෙරන උසම සහ මෙරට ඉදිකෙරෙන අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණය වන The Grand ඉදිකරමින් දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයට නොමැකෙන සලකුණක් එක් කිරීමට සමත් වී තිබේ.

මීටර් 160ක උසක් සහිතව ඉදිවන අති සුඛෝපභෝගී The Grand Ward Place නිවාස සංකීර්ණය ආසියාවේ ඉහළම පිළිගැනීමක් සහිත Property Guru Asia Property Awards උළෙලේ දී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම අතිසුඛෝපභෝගී සහධිපත්‍ය නිවාස (Condominium) ව්‍යාපෘතිය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය.

මෙම අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණය අවට එදිනෙදා ජීවිතය පහසු කරවන පහසුකම් වන සුපිරි වෙළෙඳසැල්, අවන් හල්, රූපලාවන්‍යාගාර, Spa, උත්සව ශාලා, මෙන්ම ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පුද්ගලික සහ රජයේ පාසල් පිහිටා ඇත.

මෙය ඉදිවන භූමි ප්‍රදේශය කොළඹ නගරයේ ආර්ථික සහ සාමාජීය වශයෙන් ඉහළම අගයක් සහිත ස්ථානයක් බැවින් මෙහි නිවාස හිමිකරුවන් කොළඹ නගරයෙහි අද්විතීය ලිපිනයක අයිතිකරුවන් බවට පත් වන අතරම මෙය ජීවිතකාලයක් පවතින ස්වර්ණමය ආයෝජනයක් ලෙස හඳුන්වා දිය හැකියි’’ යනුවෙන් ප්‍රයිම් සමූහයේ සභාපති ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ මහතා පැවැසීය.

 

Comments