International Business Magazine සම්මාන උලෙළේදී මහ­ජන බැංකු­ව ට සම්මාන | Page 2 | සිළුමිණ

International Business Magazine සම්මාන උලෙළේදී මහ­ජන බැංකු­ව ට සම්මාන

මහජන බැංකුව, 2021 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ‘විශිෂ්ටතම ඩිජිටල් බැංකුව’ වශයෙන් පසුගියදා International Business Magazin සම්මාන උළෙලේදි සම්මානයට පාත්‍රාවිය. එමෙන්ම එම සඟරාව විසින්ම මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු මහතා වෙත ‘ශ්‍රී ලාංකීය බැංකුකරණ ක්ෂේත්‍රයේ විශිෂ්ටතම ප්‍රධාන විධායක නිලධාරී’ යන සම්මානය පිරිනමන ලදි.

මෙම International Business Magazin සම්මාන උලෙළේදී ජාත්‍යන්තර ව්‍යාපාර හා මුල්‍ය ව්‍යාපාර අංශයන්හි ක්‍රියාත්මක ආයතනයන් දක්වන සුවිශේෂී දක්ෂතාවයන් ඇගයීමට ලක් කෙරේ.

2020 වර්ෂයේ දී කොවිඩ්-19 වසංගතයට මුහුණ දීමට සිදුවීමත් සමඟ ශ්‍රී ලංකාවේ බැංකුකරණ ක්ෂේත්‍රය සිය ගනුදෙනුකරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව කෙරෙහි සැලකිලිමත් වෙමින් ඩිජිටල් බැංකු සේවා සැපයීමේ ක්‍රියාවලිය පිළිබඳව වඩාත් ඉහළ උනන්දුවක් දක්වන්නට විය.

මෙරට දැවැන්තම බැංකුව මහජන බැංකුව වන අතර, එය සතු අති විශාල ගනුදෙනුකාර පදනම හා ශාඛා ජාලය විධිමත්ව කළමනාකරණය කිරීම සඳහා නවෝත්පාදනීය, බලවත් හා සරල ඩිජිටල් බැංකු සේවා විසඳුම් ඔස්සේ අති සාර්ථක පිළිතුරක් ලැබෙයි.

මහජන බැංකුව විසින් හඳුන්වා දෙන ලද ඩිජිටල් බැංකු සේවා විසඳුම් කෙතරම් ඉහළ ජනප්‍රියතාවයක් හිමිකරගෙන තිබේද යන්න තහවුරු කරගැනීම සඳහා හොඳම උදාහරණයක් ලෙස එහි මොබයිල් බැංකුකරණ යෙදවුම පෙන්වාදිය හැක.

ශ්‍රී ලාංකීය මුල්‍ය සේවා ක්ෂේත්‍රයෙහි වැඩියෙන්ම බාගත කරන ලද යෙදවුම එය වන අතර, සම්පූර්ණ බාගත කිරීම් සංඛ්‍යාත්මකව 900,000 ඉක්මවයි.

Comments