උත්සව සමය හා කොවිඩ් ගැන සිළු­මි­ණෙන් ප්‍රශ්න 5ක් | සිළුමිණ

උත්සව සමය හා කොවිඩ් ගැන සිළු­මි­ණෙන් ප්‍රශ්න 5ක්

1.උත්සව සම­යේදී රජය කොවිඩ් පාල­නය  කිරීම සඳහා ජන­තා­වගේ ආර­ක්ෂාව  වෙනු­වෙන් ගත් ක්‍රියා­මාර්ග සාර්ථක ද?

2.ජන­තාව තම සෞඛ්‍ය ආර­ක්ෂාව වෙනු­වෙන්  නිසි ක්‍රියා­මාර්ග අනු­ග­ම­නය කරනු ලැබු­වාද?

3.සංච­රණ සීමා නොපැ­න­වීම නිසා ජන­තාව  නිද­හසේ ගමන් කිරී­මෙන් කොවිඩ් ව්‍යාප්තිය  සිදු­වෙ­තැයි ඇතැ­මුන් චෝදනා නඟ­නවා නේද?
 
4.වසර දෙක­කට පසුව අලුත් අවු­රුද්ද  උත්ස­ව­ශ්‍රී­යෙන් සම­ර­න්නට ලැබීම  ජන­තා­වට දැනුණේ කුමන ආකා­ර­ය­කට ද?

5.පාරි­භෝ­ගික සේවා අධි­කා­රිය  උත්සව සමයේ නිසි ලෙස ක්‍රියා­ත්මක වුණාද?

 

 

 

1.මේ වන විට ලෝක­යේම කොවිඩ් රෝගීන් සංඛ්‍යාව වැඩි වෙමින් පව­ති­නවා. නමුත් අපේ රටේ රෝගීන්ගේ අඩු වීමේ ප්‍රව­ණ­තා­වක් දක්නට ලැබෙ­නවා. කොරෝනා මර්ද­න­යේදී අපට ජන­තා­වගේ සහ­යෝ­ගය අපිට ලැබුණා වගේම ඉදි­රි­යේ­දිත් අඛ­ණ්ඩව ඒ සහ­යෝ­ගය අපි ජන­තා­ව­ගෙන් බලා­පො­රොත්තු වෙනවා. මුව ආව­රණ පල­ඳින්න,මීටරේ දුර ආරක්ෂා කර ගන්න සහ නිත­රම දෑත් පිරි­සු­දුව තබා ගන්න යන දැනු­ම්වත් කිරීම් කර­මින් මෙය පාල­නය කිරී­මට ජනතා සහාය ඉල්ලා සිටි­නවා. හැම­වි­ටම නිසි සෞඛ්‍ය පුරුදු අනු­ග­ම­නය කරන්න කියලා අපි ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටි­නවා. ඒ වගේම අපේ සෞඛ්‍යය මැදි­හ­ත්වීම තුළ, රෝගීන් කලින්ම හඳු­නා­ගෙන ඔවුන්ව රෝහල් ගත කිරී­ම­ටත් ඔවුන්ගේ ප්‍රාථ­මික ආශ්‍රි­ත­යන් නිරෝ­ධා­ය­නය කිරී­ම­ටත් අම­ත­රව විදේ­ශ­යන්හි සිට පැමි­ණෙන අයට ඒ අවශ්‍ය උප­දෙස් ලබා දෙනවා. අන­වශ්‍ය ලෙස රට lockdown කිරී­මට අපට කිසිම අව­ශ්‍ය­තා­ව­යක් නැහැ. ඒ නිසා මේ උත්සව සම­යේදී සිරිත් විරි­ත්ව­ලට මුල්තැන දෙමින් සෞඛ්‍ය ආර­ක්ෂා­වට මුල් තැන දෙමින් ගත කරන්න කියලා අපි ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටි­නවා. ජන­තා­වගේ සහ­යෝ­ගය අපි දිග­ටම බලා­පො­රොත්තු වෙනවා. එසේ නොලැ­බු­ණොත් යම් අව­දා­න­මක් තියෙ­නවා. විශේ­ෂ­යන්ම වැඩි­යෙන්ම රෝගීන් වාර්තා වූ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක තුළ මේ වන විට රෝගීන් වාර්තා වීමේ අඩු­වක් දක්නට ලැබෙ­නවා.

 

2.ඇත්ත­ව­ශ­යෙන්ම සිය­යට සිය­යක් මේ රටේ ජන­තාව නීතිය ආරක්ෂා කර­නවා නම් අපිට පොලිසි අවශ්‍ය නෑ. ජන­තාව සිය­යට සිය­යක් ම නීති පිළි­ප­දින්නේ නැහැ. නමුත් මේ නීති රීති අනු­ග­ම­නය කරන ලෙස අපි ජන­තා­ව­ගෙන් ඉල්ලීම් කර­නවා. බහු­ත­ර­යක් මේ නීති පිළි­ප­දි­නවා. එලෙ­සම පිළි­ප­දින්නේ නැති සුළු පිරි­සක් ඉන්නවා. ඒ නිසා ඒ අයට විරුද්ධ තරා­ති­රම නොබලා කට­යුතු කරන ලෙස විශේ­ෂ­යෙන්ම ජනා­ධි­ප­ති­තුමා පොලි­සි­ය­ටත් අපි සෞඛ්‍ය බල­ධා­රී­න්ටත් උප­දෙස් දී තියෙ­නවා. නමුත් මේ අවු­රුදු සමයේ ජන­තා­වට පොඩි සහ­න­යක් ලබා දී තියෙ­නවා අවු­රුද්ද සම­රන්න. අපි මේ වෙලා­වෙදී අන­වශ්‍ය ලෙස ජන­තාව පීඩා­වට පත් කළ යුතුයි කියා මා සිතන්නේ නැහැ. නීති රීති පැන­වීම් අන­වශ්‍ය ලෙස කළ යුතු වෙන්නේ නැහැ. නමුත් අපි සෞඛ්‍යා­ර­ක්ෂිත ක්‍රම­වේද අනු­ග­ම­නය කළ යුතුයි. මෙය ගෝලීය වසං­ග­ත­යක්. මේ වන විට අපි එන්න­ත්ක­ර­ණය ආරම්භ කරලා 9,25, 000කට ලබා දී තියෙ­නවා. මෙහිදී අප වැඩි­යෙන්ම අව­ධා­නය යොමු කළේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රි­ක්ක­ව­ල­ටයි. එයි­නුත් වැඩි­යෙන් රෝගීන් වාර්තා වූ ප්‍රදේ­ශ­ව­ලට විශේෂ අව­ධා­න­යක් ලබා දුන්නා. ප්‍රජා­ව­ගෙන් අහඹු ලෙස PCR පරී­ක්ෂණ සිදු කිරීම් අඛ­ණ්ඩව සිදු වෙමින් පව­ති­නවා.

3.සංච­රණ නීති දැමීමේ කිසිදු අව­ශ්‍ය­තා­වක් නැහැ. මේ රෝගය තියෙන්නේ අහඹු ලෙස කුඩා විසි­රුණු තැන්වල පම­ණයි. සංච­රණ නීති රීති දැම්මා නම් අන­වශ්‍ය ලෙස ජන­තාව තළා පෙළා ජන­තා­වට අවු­රුද්ද සම­රන්නේ දුන්නේ නැතැයි චෝදනා කර­නවා. ඇතැම් අව­ස්ථා­ව­ලදී අපි ජන­තා­වට සංච­රණ නීති දැම්මේ නැහැ කියලා චෝදනා කර­නවා. ඇත්ත වශ­යෙන්ම එලෙස නීති පැන­වී­මට තාක්ෂ­ණි­කව කිසිදු අව­ශ්‍ය­තා­වක් නෑ. විශේ­ෂ­යෙන්ම වාතා­ශ්‍රය ඉතා අඩු, සෙනඟ ගැව­සෙන, මීට­රයේ පර­ත­රය තබා ගත නොහැකි ස්ථාන­ව­ලට යෑමෙන් වළ­කින්න, අන­වශ්‍ය ගමන් බිමන් හැකි­තාක් සීමා කරන්න, නිත­රම සෞඛ්‍යා­ර­ක්ෂිත පුරුදු අනු­ග­ම­නය කරන ලෙසයි අපි ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටින්නේ.
 

 

4. සෞඛ්‍යා­ර­ක්ෂා­වට මුල් තැන දෙමින් චාරිත්‍ර වාරිත්‍ර අනු­ග­ම­නය කරන්න කියන පණි­වි­ඩය අපි ජන­තා­වට ලබා දෙනවා. අපි තවම කොවිඩ් අව­දා­න­මෙන් තුරන් වී නැහැ. අපේ අස­ල්වාසී රටෙත් විශාල ලෙස රෝගීන් වැඩි වීමේ ප්‍රව­ණ­තා­වක් දක්නට ලැබෙ­නවා. එම නිසා ආර­ක්ෂි­තව තමන්ගේ පවුලේ අය සමඟ මේ අවු­රුද්ද සම­රන්න කියලා අපි රජයක් විදිහට ඉල්ලනවා.
 

5.නිල­ධා­රීන්ට ලංකාව පුරා තිබෙන සිය­ලුම අලෙ­වි­සැල් පරීක්ෂා කිරීම කළ නොහැ­කියි. නමුත් ඔවුන් අහඹු ලෙස පරික්ෂා කිරීම් සිදු කරලා මිල පාල­නය කිරී­මට කට­යුතු කර­නවා. විශේ­ෂ­යෙන්ම රජය, ලක් සතොස සහ සමු­ප­කාර ආය­තන හරහා සහන මිල­කට ජන­තා­වට භාණ්ඩ ලබා දීමට කට­යුතු කර­නවා.
ගෝලීය වසං­ග­ත­යත් සමඟ ගෝලීය ආර්ථි­කය බිඳ වැටී­මත් එක්ක යම් යම් භාණ්ඩ­වල මිල වැඩි වී තිබෙන බව කන­ගා­ටු­වෙන් වුවත් ප්‍රකාශ කළ යුතුයි. නමුත් මේක අපේ රටට පම­ණක් පොදු න්‍යායක් නොවෙයි. මහත් ලෝක­යේම ජන­තාව අද මේ තත්ත්ව­යට මුහුණ පාමින් සිටි­නවා. බඩු මිල හා භාණ්ඩ­වල ගුණා­ත්ම­ක­භා­වය ආරක්ෂා කිරීමේ වග­කීම පාරි­භෝ­ගික අධි­කා­රිය, ශ්‍රී ලංකා ප්‍රමිති ආය­ත­නය ඇතුළු ආය­තන ගණ­නා­ව­කට පැවරී තිබෙ­නවා. මේවා ශක්ති­මත් කර­මින් ඒ ආය­තන නියා­ම­න­ය­කට ලක් කර මීට වඩා එම ආය­තන අතර සම්බ­න්ධී­ක­ර­ණය වීම වැද­ගත් යැයි මා පෞද්ග­ලි­කව විශ්වාස කර­නවා.

 

1.මට සිතෙන ආකා­ර­යට නම් ප්‍රමා­ණ­වත් නැහැ. යම් මොහො­ත­කදී සෞඛ්‍යය හා ආර්ථි­කය අතු­රින් වඩා වැද­ගත් කුම­ක්දැයි තෝරා ගැනී­මට සිදු වෙනවා. එහිදී ඔවුන් ආර්ථි­කය වඩා වැද­ගත් යැයි තීර­ණය කර­නවා. එසේ නම් රට විවෘත කළ යුතුයි. සංචා­රක ක්ෂේත්‍රය සිට අනිත් සිය­ලුම ක්ෂේත්‍ර­යන් විවෘත කළ යුතුයි. දැනට විවෘත කිරීම ප්‍රමාද වෙලා තියෙන්නේ අධ්‍යා­පන ක්ෂේත්‍රය පම­ණයි. අනෙ­කුත් ආර්ථි­කව වැද­ගත් යැයි හැඟෙන සියලු ක්ෂේත්‍ර විවෘත කරලා තියෙන්නේ. අපේ වගේ රටක් කොහො­මත් වහ­ගෙන ඉන්නත් බැහැ. අපේ ආර්ථි­කය දුර්ව­ලයි. දුර්වල ඇයි කියන දේ අපි වෙනම කතා කළ යුතු දෙයක්. නමුත් ආර්ථි­කය දුර්වල වෙන තත්ත්ව­ය­කදී අපට මෙවැනි වසං­ග­ත­ය­කට මුහුණ දීම අමාරු කාර්ය­යක්. කොවිඩ් සාර්ථ­කව පාල­නය කළ ඕස්ට්‍රේ­ලි­යාව, නව­සී­ල­න්තය වැනි රට­වල් දෙස බැලු­වොත් ඔවුන් ඉතා තදින් කොවිඩ් පාල­නය කිරීම් කර­නවා. boarder control පවා පව­ත්වා­ගෙන යනවා. එක් අයකු හෝ වැලඳී ඇති බව තහ­වුරු වුව­හොත් ප්‍රාන්ත අතරේ සංච­ර­ණය වළ­ක්ව­මින් ඔවුන් එය ඉතා තදින් පාල­නය කර­නවා. ඔවුන්ට ශක්ති­මත් ආර්ථි­ක­යක් තිබෙන නිසා එය කිරී­මට පුළු­වන්. නමුත් අපට ඒක දරා ගන්න අමා­රුයි. එම නිසා එවැනි බාධක නොද­මන්න රජය තීර­ණය කර තියෙ­නවා. එහෙත් එසේ තීර­ණය කළා නම් වසං­ග­තය මැඬ පැවැ­ත්වී­ම­ටත් ඔවුන් නිසි වැඩ­පි­ළි­වෙ­ළක් යෙදිය යුතුයි. එය අණ දීම්ව­ලට සීමා නොවුණු ප්‍රායෝ­ගික වැඩ­පි­ළි­වෙ­ළක් විය යුතුයි. එසේ නිසි වැඩ­පි­ළි­වෙ­ළක් නැති වීම තමයි මෙහි තිබෙන ප්‍රධාන ගැට­ලුව. ඒ වැඩ­පි­ළි­වෙළ සිදු විය යුතු වන්නේ කෙසේද කියන වග­කීම රජය බාර ගන්නේ නැහැ. එහි වග­කීම බාර දී තිබෙන්නේ ජන­තා­ව­ටයි. ලෙඩ නොවී ප්‍රවේ­ශම් වන්නේ කෙසේද? එසේ ප්‍රවේ­ශම් විය හැකි තත්ත්ව­යක් සමා­ජය තුළ නිර්මා­ණය වී තිබේද යන්න පිළි­බඳ රජ­යට නිශ්චිත වැඩ­පි­ළි­වෙ­ළක් තියෙන්න ඕනේ. මෙහි අව­ධා­නම වග­කීම රජය අර­ගෙන නැහැ. එවිට සෞඛ්‍ය ආර­ක්ෂාව තීර­ණය වන්නේ බැරි පුළු­ව­න්කම මතයි. පෞද්ග­ලි­කව තමන්ගේ ප්‍රවා­හන පහ­සු­කම් සල­සා­ගත හැකි අය, නිව­සට අවශ්‍ය බඩු භාණ්ඩ online order මඟින් නිවෙ­ස­ටම ගෙන්වා ගත හැකි අය, වැඩි වශ­යෙන් සෙනඟ නොගැ­ව­සෙන ස්ථාන­ව­ලින් බඩු මිලදී ගැනී­මට හැකි අයට වැඩි වාසි­යක් තිබෙ­නවා.
ඔවුන්ට ආරක්ෂා වීමට හැකියි. නමුත් බහු­ත­ර­ය­කට එසේ ජීවත් වීමට හැකි­යා­වක් නැහැ. බහු­තර ජන­තාව භාවිත කරන්නේ පොදු ප්‍රවා­හ­න­යයි. බඩු භාණ්ඩ මිලදී ගන්නේ පොළෙන්. අවු­රු­ද්දට අවශ්‍ය බඩු මිලදී ගන්නේ මහ­ර­ගම, නුගේ­ගොඩ වැනි ප්‍රදේ­ශ­වල වීදී­වල තිබෙන විවෘත කඩ සාප්ප­ව­ලින්. ඒවා තුළ ඔය කියන නීති ක්‍රියා­ත්මක වන්නේ නැහැ. ඒ නිසා ප්‍රවේ­ශම් වෙන්න පුළු­වන් තත්ත්ව­යක් ඒ තුළ නැහැ. එම නිසා කැමැ­ත්තෙන් හෝ අක­මැ­ත්තෙන් රජය ගන්නා තීර­ණ­වල අව­දා­නම ගැනී­මට සිදු වී තිබෙන්නේ එම ජන කොට­ස­ටයි.

2.එහි සියලු වග­කීම ජන­තා­වට පෞද්ග­ලි­කව දරා ගන්න සිදු වී තිබෙ­නවා. පරෙ­ස්සම් වෙන්න කියලා අණ දීම වෙනු­වට ඒව ක්‍රියා­ත්මක කිරී­මට නිසි වැඩ­පි­ළි­වෙ­ළක් සකස් කිරී­මයි කළ යුතු වන්නේ. ප්‍රවා­හ­න­යේදී, කඩ සාප්පු­ව­ලදී ක්‍රියා­ත්මක විය යුතු කුමක් හෝ ප්‍රායෝ­ගික වැඩ­පි­ළි­වෙ­ළක් තිබිය යුතුයි. ගැට­ලුව වන්නේ එහෙම දෙයක් ක්‍රියා­ත්මක නොවී­මයි. එම නිසා කොවිඩ් අව­දා­න­මක් පව­ති­නවා. එම නිසා ජන­තා­වට බාධා­වන් මධ්‍යයේ තමයි මෙවර අවු­රුද්ද සම­රන්න සිදු­වුණේ. රජය ගන්න තීර­ණ­වල අව­දා­නම ජන­තාව විසින් ගත යුතුයි.

3.අනි­වා­ර්යෙන්ම. අවු­රුදු කාලයේ බොහෝ අය තම තමන්ගේ ගම්බිම් බලා යනවා. මේ වන විට කොළඹ නග­රය හිස් වී තිබෙන්නේ. එම නිසා එහි පැහැ­දි­ලි­වම අව­දා­න­මක් තිබෙ­නවා; PCR සහ ඇන්ටි­ජන් පරී­ක්ෂණ පව­ත්වන බව මුලදී ප්‍රකාශ කර තිබුණා. එවැ­න්නක් සිදු වන බව මට නම් පෙනෙ­න්නට නැහැ. අමා­රු­වෙන් වුණත් මේ අවු­රුද්දේ සංච­රණ කිරීම සීමා කළා නම් හොඳයි කියන එක තමයි මගේ අද­හස.

4. ගිය අවු­රු­ද්දේත් හරි­යට අවු­රුද්ද සම­රන්න බැරි වුණා නිසා මේ අවු­රුද්ද බොහෝ අයට විශේ­ෂි­තයි. ලංකාවේ අවු­රුදු සමය කියන්නේ තමන්ගේ ගමට ගිහින් පවුලේ සාමා­ජි­ක­යන්, නෑදෑ­යන් සමඟ එකතු වෙන කාල­යක්. එය කිසිම ආගම් භේද­යක් නොමැ­තිව සිදු වන දෙයක්. නමුත් බඩු මිල වැඩි වීමත් සමඟ මේ අවු­රුද්ද සැම­රීම ජන­තා­වට ලේසි වන්නේ නැහැ. පසු­ගිය අවු­රුද්ද පුරාම තිබුණු ආර්ථික අභි­යෝග සමඟ බොහෝ පිරි­ස­කට රැකියා අහිමි වුණා,ආදා­යම අඩු වුණා. එලෙ­සම සම­හර අයට ආදා­යම් අහිමි වීම සිදු වුණා. මේ සිය­ල්ලත් එක්ක මූලික දේව­ල්වල පවා මිල සිතා ගැනී­මට පවා බැරි ආකා­ර­යට වැඩි වෙලා තියෙ­නවා. ඒ නිසා පවු­ල­කට තමන් කැමති ආකා­ර­යට අවු­රුදු සැම­රීම ලේසි වන්නේ නැහැ. ඒ සඳහා විශාල විය­ද­මක් දැරී­මට ජන­තා­වට සිදු වෙලා තියෙ­නවා. එලෙ­සම තමා අපිට කොවිඩ් ගැට­ලු­වෙන් මිදී­මට හැකි වෙලත් නැහැ. අපි දන්නවා එන්නත ලැබිලා තියෙන්නේ ඉතා­මත් සීමිත පිරි­ස­කට පම­ණයි. ඒත් පළමු වටේ විත­රයි. දෙවෙනි වටේ එන්නත ලැබෙ­යිද? ලැබෙන්නේ කව­දද කියන දේ ගැන අවි­නි­ශ්චිත භාව­යක් තිබෙන්නේ. සිය­ල්ල­න්ටම එන්නත ලබා ගැනී­මට හැකි වන්නේද යන්න පිළි­බ­ඳව නිශ්චිත වැඩ­පි­ළි­වෙ­ළක් නැහැ. අපිට පෙනෙන ආකා­ර­යට කොවිඩ් පාල­නය සඳහා වැඩ­පි­ළි­වෙ­ළක් නැහැ. මෙවැනි වෙලා­වක එය අනි­වා­ර්යෙන් විය යුතුයි.

5.මෙතැ­නදී ඇති විශා­ලම ගැට­ලුව වන්නේ පාරි­භෝ­ගික අධි­කා­රිය සිට­ගෙන ඉන්නේ ජන­තාව පැත්තේ ද? එහෙ­මත් නැති­නම් ව්‍යාපා­රික පැත්තේ ද යන්නයි. පාරි­භෝ­ගික අධි­කා­රිය පිළි­බ­ඳව තෘප්ති­මත් විය නොහැ­කියි. මේ ප්‍රශ්නය රජයේ ප්‍රති­පත්ති සම්බ­න්ධ­යෙ­නුත් තිබෙ­නවා. සීනි ප්‍රශ්න­යේ­දිත් රජය පව­සන ආකා­ර­යට ඔවුන් සීනි­වල බදු අඩු කළේ ජන­තා­වට සහ­න­යක් ලබා දීම උදෙ­සායි. නමුත් ජන­තා­වට එයින් සහ­න­යක් ලැබුණේ නැහැ. එයින් ප්‍රයෝ­ජන ලබා ගත්තේ ව්‍යාපා­රි­ක­යන්. ව්‍යාපා­රික ප්‍රජා­වෙ­නුත් තෝරා ගත් යම් පිරි­ස­කට තමයි මෙහි ලාභය හිමි වුණේ. සාමාන්‍ය ජන­තා­වට ඉන් කිසිම දෙයක් හිමි වුණේ නැහැ. එම නිසා රජය ගන්නා ප්‍රති­පත්ති ගැන අපිට අහන්න තිබෙන්නේ මේ තීරණ ගන්නේ කාගේ පැත්තෙ ඉඳන් ද කිය­ලයි. රජය තීරණ ගන්නේ ඔවුන්ට හිත­වත් ව්‍යාපා­රික පිරි­ස­කගේ අභි­වෘ­ද්ධිය සඳහා වන බව නම් පැහැ­දි­ලියි. ඔවුන් ආරක්ෂා කර­ගෙන ඔවුන්ට වාසි­දා­යක වන අයු­රින් තමයි මේ සියලු තීරණ රජය විසින් අර ගන්නේ. එම නිසා පාරි­භෝ­ගික අධි­කා­රිය, ශ්‍රී ලංකා ප්‍රමිති ආය­ත­නය මේ සිය­ල්ලම ගත්තත් ඔය කාර­ණ­ම තමයි කියන්න තියෙන්නේ.

 

1. ඇත්ත­. රජ­යත් ජන­තා­වත් කොවිඩ් අත­හැ­රලා තියෙන්නේ. කොවිඩ් නැති­වෙලා නැහැ. කොවි­ඩ්ව­ලට ඕන විදි­හට කොවිඩ් හැසි­රෙ­නවා. අපි දැක්කා ජන­තාව උත්සව සමයේ බඩු­ගන්න පෝලි­ම්වල හිටියා. මහ­ජන සෞඛ්‍ය නිල­ධා­රින්,පොලි­සියේ නිල­ධා­රින් ඒවා දැක්කේ නැද්ද? සෞඛ්‍ය අංශ දැක්කේ නැද්ද? කොළඹ විශාල වශ­යෙන් ජන­තාව හිටපු පෝලි­ම්වල මීට­රයේ පර­ත­ර­යක් අපි දැක්කේ නැහැ. අපි දකින්නේ මේ අවු­රුදු කාලය තුළ රජ­යත් ජන­තා­වත් කෝවිඩ් අත­හැ­රලා තිබුණා කියලා තමයි කියන්න තියෙන්නේ. ඒවායේ ප්‍රති­ඵල ඉදි­රි­යේදී දැකිය හැකියි.
 

2. ජන­තා­ව­ටත් වග­කී­මක් තිබෙ­නවා. සෞඛ්‍ය අංශ­ව­ලට පම­ණක් එය කර­න්නට බැහැ. පන­හට පනහ පම­ණක් නොවෙයි; එය සිය­යට 75ක වග­කී­මක්. ජන­තා­වට විශාල වග­කී­මක් තිය­නවා කියලා මා සඳ­හන් කළේ ඒ නිසයි. එහිදී රජය පැත්තෙන් සහ සෞඛ්‍ය අංශ­ව­ලට කරන්න පුළු­වන් අල්ප ප්‍රමා­ණ­යක්. තමන්ගේ ආර­ක්ෂාව තමන් සලසා ගත යුතුයි.
 

3. උත්සව සමයේ සංච­රණ සීමා­වන් නැති­වී­මෙන් කොවිඩ් ව්‍යාපෘ­තිය සිදු­විය හැකියි. තොග බඩු කඩ­යට ගිය, ඇඳුම් ගන්න ගිය ජන­තාව කොවිඩ් ගැන හිතුවේ නැහැ. ඒ වගේම චාරි­ත්‍ර­වා­රිත්‍ර ඉටු­ක­රන්න කියලා දුර­බැ­හැර ගියා. ඒ තුළින් කොවිඩ් ව්‍යාපෘ­ති­යක් නැති ප්‍රදේ­ශ­ව­ල­ටත් එය ව්‍යාප්ත විය හැකියි. ජන­තා­වට වග­කී­මක් තිය­නවා සීමා­වන් පැන­වු­වත් නැති වුණත් පරෙ­ස්සම් වෙන්න.
 

4.ඇත්ත­ටම මේ වසර ජන­තා­වට බොහෝම අමා­රුයි ජීව­ත්වෙන්න. ආර්ථික තත්ත්වය ඉතාම පහත මට්ට­මක තියෙන්නේ. මේ අවු­රුද්ද ජන­තා­වට ආදා­ය­මක් නැහැ. චාරිත්‍ර කළ යුතු නිසා ජන­තාව තමන්ගේ රත්ත­රන් බඩු උග­ස්ක­රලා හරි අවු­රුද්ද සැම­රුවා. මෙවර ජන­තාව වැඩි­යෙන්ම රොක්වෙලා හිටියේ ජන­තාව බැංකු­වල උගස් අංශයේ. මුං, උඳු කිලෝ­වක් කීයද? මුං කිලෝ­වක් රුපි­යල් දාහයි. අවු­රුදු කන්න පුළු­ව­න්ක­මක් තිබුණේ නැතත් ණය වෙලා හරි මිනි­සුන් අවු­රුදු කෑවා. මේ රටේ ආර්ථි­කය බොහොම කඩා වැටිලා තියෙන්නේ. සමෘද්ධි ලාභීන්ට රුපි­යල් පන්ද­හ­සක් මුද­ලින් ගෙව්වා. එතැ­න­දිත් තෝරා බේරා­ගත් පිරි­ස­කට දීලා තියෙ­නවා. ඒ වගේම ප්‍රාදේ­ශීය දේශ­පා­ල‍න­ඥ­යන් ගිහින් මේ රුපි­යල් පන්ද­හස බෙදලා දීලා තියෙන්නේ. මම හිත­නවා රාජ්‍ය දේපළ අව­භා­වි­ත­යක් මෙහිදී සිදුවී තියෙ­නවා. මේ රුපි­යල් පන්ද­හ­සින් සතො­සට කොත­රම් ආවාද කියලා බැලිය යුතුයි. ඇත්ත­ටම සතො­සට ද? බාර් එකට ද? මේක ගියේ කියලා බැලිය යුතුයි. මීට වඩා විධි­මත් ක්‍රම­වේ­ද­යක් සකස් කරලා ජන­තා­වට අවු­රුදු කන්න ක්‍රම­යක් සකස් කොට දිය යුතුව තිබුණා. ජන­තාව තේරුම් ගන්න ඕන අවුරුද්දට බත් වේලක් කන්න කියලා දුන්නාම එය නිසි විදි­හට පරි­හ­ර­ණය කිරීමට . ඒ වග­කීම ජන­තා­වට ඉටු කළාද කියලා සැක­යක් තියෙ­නවා. ඒ නිසා රජය මෙවැනි දේ කරන කොට මීට වඩා සැල­කි­ලි­මත් විය යුතුයි. මීට වඩා සැල­සුම් කළ යුතුයි. දේශපාලඥයෝ හරහා මේ මුදල් දෙමින් පන්දා­හෙ­නුත් දේශ­පා­ල­නය කිරී­මක් තමයි ඒ අය කළේ.
 

5.පාරි­භෝ­ගික සේවා අධි­කා­රිය විසින් ඒ අයගේ වග­කීම් පැහැර හැර තිය­නවා කියලා පැහැ­දි­ලියි. පත් කර තිබෙන නිල­ධා­රින් නිවැ­රදි තොර­තු­රක් දෙන්නේ නැහැ. වැට­ලීම් කිරී­මක් අපි දකින්නේ නැහැ. ඒ වගේම මිල පාල­න­යක් දැක්කෙත් නැහැ. අපි දැක්කා ප්‍රමිති කාර්යාං­ශයේ තත්ත්වය. ඒ සියලු ආය­තන පාල­න­ය­කින් තොරව ක්‍රියා­ත්මක වුණා. රට කැකිල්ලේ පාල­න­යක් බවට පත් වී තිබෙ­නවා.

 

 

 

 

 

 

 

 

 

 

Comments