අප්‍රේල් 21වනදා සියළු දේවස්ථාන සඳහා විශේෂ ආරක්ෂාවක් | සිළුමිණ

අප්‍රේල් 21වනදා සියළු දේවස්ථාන සඳහා විශේෂ ආරක්ෂාවක්

 ලබන 21 වනදා දිවයිනේ සියලු දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.
 
ලබන 21 වනදාට පාස්කු ප්‍රහාරය සිදුවී වසර දෙකක් සපිරේ.
 
එය සිහිපත් කරමින් දිවයිනේ සෑම දේවස්ථානයකම විශේෂ දේව මෙහෙයන් පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ සඳහා සහභාගි වන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් උපරිම විධි විධාන සලසන ලෙස සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.
 
එමෙන්ම හෙට පස්වරු 4.00 සිට අනිද්දා දහවල් 12 දක්වා කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය අවට විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මක බව පොලිසිය ප්‍රකාශ කළේය.

Comments