මාධ්‍ය ක්ෂේත්‍රයටත් කොවිඩ් එන්නත්කරණය | සිළුමිණ

මාධ්‍ය ක්ෂේත්‍රයටත් කොවිඩ් එන්නත්කරණය

කොරෝනා වසංගතය හමුවේ විවිධ වෘත්තීන්හි නිරතවන අය ජීවිත අවදානම ද නොතකා සිය වගකීම් ඉටු කරති. සෞඛ්‍ය ක්ෂේත්‍රය මෙන්ම මාධ්‍ය ක්ෂේත්‍රයේ නිරත වන්නන් ද එහි පෙරමුණ ගෙන සිටින ප්‍රමුඛයෝ අතර වෙති. මාධ්‍යවේදීන්ට කොවිඩ් එන්නත ලබාදීමේ වැඩසටහනක් දැන් ක්‍රියාත්මකය. ඒ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ මැදිහත් වීම මතය. සිළුමිණ ඡායාරූප ශිල්පී සුලෝචන ගමගේ මේ සේයාරුව ගනු ලැබුවේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී මාධ්‍යවේදීන්ට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත මැයි 14 දා ලබා දෙන අවස්ථාවකදී ය.

මේ අවස්ථාවන්ට ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ජගත් පී. විජේවීර, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක, අධ්‍යක්ෂ (මාධ්‍ය) කේ. පී. ජයන්ත යන අය එක් වූහ. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සභාපති මහාචාර්ය එස්. ඩී. ජයරත්න, අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සන්තුෂ්‍යා ප්‍රනාන්දු යන අයගේ අධීක්ෂණයෙන් මේ කර්තව්‍ය සිදු කෙරේ.

Comments