මා ඔය ඔවුන්ට නුහුරු නුපුරුදු තැනක් නොවේ. එනිසාම පියා සමඟ මා ඔයට පිළිපන්නේ සිත් සේ දිය නෑමටය. මා ඔයේ දිය පාර වෙනදාට වඩා යම් සැඩ බවක් තිබුණද ඔවුන්ගේ ලෝකයේ වීරයා වූ අප්පච්චී තමන් ළඟ සිටි බැවින් කුඩා දරුවන්ට ඔයේ සැඩ දිය පහර අනතුරුදායක ලෙස නොපෙනෙන්නට ඇත. ඔයට යාමට පියා මැළි වෙන විට තම පියාට වැඳ නාන්නට ඔයට යං කී සුරතල් දියණියත් ඇයගේ සොයුරාත් වැලඳගන්නට කුරිරු මාරයා මා ඔය...