අනුර සේනා­නා­යක අව­සන් කට­යුතු ඉරිදා | Page 3 | සිළුමිණ

අනුර සේනා­නා­යක අව­සන් කට­යුතු ඉරිදා

භාවප්‍රාප්ත හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු වූ අනුර සේනානායකගේ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී ඉරිදා (28) සවස 4.00ට සිදු කෙරේ. ඔහුගේ දේහය රාජගිරිය, මාදින්නාගොඩ පාරේ අංක 53 දරන නිවසේ තැන්පත් කර ඇත.

වසර 42ක දීර්ඝ සේවා කාලයක් පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කළ ඔහු 2015 වර්ෂයේ පොලිස් සේවයෙන් විශ්‍රාම ගිය අතර මිය යන විට සේනානායකයන් 68 වියෙහි පසුවිය. හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු වූ අනුර සේනානායක පසුගිය සිකුරාදා අභාවප්‍රාප්ත විය.

දෙදරු පියෙකු වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස් රාජකාරි වෘත්තියට අමතරව 1985 වසරේදී ගුවන්විදුලියේ 'ඒ' ශ්‍රේණියේ සරල ගී ගායකයකු ලෙසද දක්ෂතා පෙන්වූ අයෙකි. 'මාගේ කිරිල්ලි සොයා යන්නෙ මා...' සහ 'සඳ කිඳුරු කිඳුරියන්...' ගීතවලින් රසික හදවත් පිනවූ ඔහු මාතර ශාන්ත සර්වේෂස් විදුහලෙන් සිප්සතර හදාරා 1973 වසරේදී ආධුනික උපපොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් සේවයට එක්ව තිබුණේය.

එසේම ඒ මහතාගේ පියාණන්ද පොලිස් දෙපාර්තමේන්තුවේ හිටපු සැරයන්වරයෙකි.

 

Comments