කොවිඩ් එන්නත මහා සංඝ­ර­ත්න­යට කඩි­න­මින් ලබා දෙන්න | Page 3 | සිළුමිණ

කොවිඩ් එන්නත මහා සංඝ­ර­ත්න­යට කඩි­න­මින් ලබා දෙන්න

 මහත් කැපවීමකින් ජනතාව වෙනුවෙන් කටයුතු කරන මහා සංඝරත්නයට කොවිඩ් එන්නත පොදුවේ ලබා දීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී ගෝනදුවේ ගුණානන්ද නාහිමියෝ රජයෙන් ඉල්ලා සිටිති. මහා සංඝරත්නය ප්‍රාදේශීය මට්ටමෙන් පොදු ස්ථානයකට වැඩම කරවා උන්වහන්සේට කොවිඩ් එන්නත ලබා දීමේ වැඩපිළිවෙළක් අරඹන ලෙසද උන් වහන්සේ ඉල්ලා සිටිති.

“ මහාසංඝරත්නය දෛනිකව මහජනතාව අතර ගැවසෙනවා. ධර්ම දේශනා, අවමඟුල්, පිරිත් හා වෙනත් ආගමික, සමාජයීය කටයුතු වෙනුවෙන් මහා සංඝරත්නය නිතර ජනතාව අතරට වැඩම කොට ජිවිත අවදානම පවා නොතකා කටයුතු කරනවා. කොවිඩ් වසංගතය හමුවේත් උන්වහන්සේලා එම කටයුතු නතර කොට නැහැ.. එම නිසා සමස්ත මහා සංඝරත්නයටම කොවිඩ් එන්නත ලබා දීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස අග්‍රාමාත්‍ය හා බුද්ධ ශාසන අමාත්‍යතුමන් ප්‍රධාන රජයේ අවධානය යොමු කරන ලෙස ශාසන­ාලයෙන් යුතුව ඉල්ලා සිටිනවා” යැයි උන් වහන්සේ ඉල්ලා සිටිති.

Comments