සූදු පොළක් වටලා චීන ජාතිකයෝ පහක් අත්අඩංගුවට | Page 2 | සිළුමිණ

සූදු පොළක් වටලා චීන ජාතිකයෝ පහක් අත්අඩංගුවට

බම්බලපිටිය ලෝරිස් පාර ප්‍රදේශයේදී නීති විරෝධී සූදු පොළක් වටලා චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
 
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර සිටියේ චීන ජාතික කාන්තාවක ඇතුළු චීන ජාතිකයින් 5 දෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.
 
සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් දස ලක්ෂ 88 500 ක් හා චීන යුවාන් 2600 ක මුදලක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
 
මෙම වැටලීම සිදු කර ඇත්තේ, බම්බලපිටිය සහ කොල්ලුපිටිය පොලිස් ස්ථානවල නිලධාරීන් ඒකාබද්ධවය

Comments