මාස 7කට පසු බස්නා­හිර දහම් පාසල් ඉරිදා ඇරේ | සිළුමිණ

මාස 7කට පසු බස්නා­හිර දහම් පාසල් ඉරිදා ඇරේ

මාස 7ක කාලයකට පසුව බස්නාහිර පළාතේ සියලුම දහම් පාසල් අද (18) යළි විවෘත කෙරෙන බව බෞද්ධ කටයුතු අධ්‍යක්ෂ ජෙනරාල් සුනන්ද කාරියප්පෙරුම සිළුමිණට කීය. සෙසු පළාත්වල දහම් පාසල් අදියර කිහිපයක් යටතේ පසුගිය කාලයේ විවෘත කළ බව පැවසූ ඒ මහතා බස්නාහිර දහම් පාසල් විවෘත කිරීම පමා කරන්නට සිදු වූයේ සෞඛ්‍ය අංශවල උපදෙස් ලැබෙන තෙක් බවද පැවසුවේය.

කෙසේ වෙතත් සෞඛ්‍යාරක්ෂිත ලෙසින් මෙන්ම නිරෝධායන නීතිවලට අනුව දහම් පාසල් විවෘත කළ යුතු බව    පැවසූ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසුවේ උදෑසන ආගමික වත්පිළිවෙත් කිරීමේදී පූජාවන් අතගැස්සවීම් ආදිය සිදු නොකළ යුතු බවයි. එමෙන්ම 2020 නොවැම්බර් මාසයේ තම දෙපාර්තමේන්තුවෙන් පැවැත්වීමට නියමිතව තිබූ දහම් පාසල් අවසාන ශ්‍රේණි පරීක්ෂණයද මැයි මස 9 වැනිදා පවත්වන බවද ඔහු පැවසුවේය.

Comments