එලි­ෆන්ට් හවුස් ක්‍රීම් සෝඩා ජන­ප්‍රි­ය­තම පානය ලෙස කිරුළු පළ­ඳියි | Page 2 | සිළුමිණ

එලි­ෆන්ට් හවුස් ක්‍රීම් සෝඩා ජන­ප්‍රි­ය­තම පානය ලෙස කිරුළු පළ­ඳියි

ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රියතම හා පාරිභෝගික විශ්වාසය උපරිමව දිනාගත් එලිෆන්ට් හවුස් ක්‍රීම් සෝඩා, පසුගියදා පැවැති SLIM-Nielsen ජනතා සම්මාන 2021 උළෙලෙහිදී ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම පාන සන්නාමය’ ලෙස නැවත වරක් කිරුළු පලඳන්නට සමත්ව සිටී. පසුගියදා කොළඹ BMICH හි දී මෙවර SLIM-Nielsen ජනතා සම්මාන උළෙල උත්කර්ෂවත් ලෙස සංවිධානය කර තිබිණි.

එලි‍ෆන්ට් හවුස් ක්‍රීම් සෝඩා මේ වර්ෂයේ ජනතා සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ ජනප්‍රිතම පාන සන්නාමය’ලෙස තේරී පත් වූයේ පිළිවෙළින් 15 වැනි වරට වීම ඉතාමත් සුවිශේෂී සිදුවීමකි. SLIM-Nielsen ජනතා සම්මාන උළෙල 2006 වර්ෂයේ ආරම්භවූ අවස්ථාවේ සිටම ක්‍රීම් සෝඩා වෙතින් මෙම සම්මානනීය නාමය ලබා ගන්නට වෙනත් කිසිදු සිසිල් බීම සන්නාමයකට නොහැකිවීම ක්‍රීම් සෝඩා දිනා ගෙන සිටින පාරිභෝගික විශ්වාසයට හොඳම උදාහරණයකි.

ක්‍රීම් සෝඩා සන්නාමයෙහි මෙම ජයග්‍රහණය මඟින් පැහැදිලිවම පෙනී යන්නේ වර්තමාන යෞවනයේ ජනප්‍රියතම පානය ලෙස එය හිමිකරගෙන සිටින ගෞරවනීය ස්ථානයයි. ශ්‍රී ලාංකික යෞවන යෞවනියන්ගේ හදවත් ස්පර්ශ කිරීමට සමත්වූ සිසිල් බීම නිෂ්පාදනයක් වශයෙන් එලිෆන්ට් හවුස් ක්‍රීම් සෝඩා යෞවනයේ පොපියන චමත්කාරය බවට පත්ව ඇත්තේ එබැවිනි.

Comments