ඕෂන් ලංකා තිර­සාර නිෂ්පා­දන ක්ෂේත්‍රයේ සුවිශේෂී වෙන­සක් සිදු කරයි | Page 2 | සිළුමිණ

ඕෂන් ලංකා තිර­සාර නිෂ්පා­දන ක්ෂේත්‍රයේ සුවිශේෂී වෙන­සක් සිදු කරයි

ශ්‍රී ලංකාවේ විශාලතම weft knitted ඇඟලුම් නිෂ්පාදකයා වන ඕෂන් ලංකා විසින් ඉහළ කාර්යක්ෂමතාවයකින් සහ පරිසර හිතකාමී බවකින් යුත් දේශීය සායම් පද්ධතියක් (Dyeing System) ‘Ocean Aqua+ ලෙස හඳුන්වා දී ඇත. මෙම නවතම සායම් ක්‍රමවේදය නිසැකයෙන්ම ඇඟලුම් කර්මාන්තයේ වෙනසක් ඇති කිරීමට සමත් වනුයේ, එය අවම සම්පත් පරිභෝජනයක් තුළින් පරිසරය ආරක්ෂා කිරීමට ලබාදෙන ඉහළ දායකත්වය හේතුවෙන්ය.

ඕෂන් ලංකා සමාගමේ සායම් හා වර්ණ විද්‍යාගාර කණ්ඩායම්වල සංකල්පයක් වන මෙම නවෝත්පාදනය හරහා සමාගමේ සියලුම මෙහෙයුම් තුළ ඉහළ කාර්යසාධනයක් ඇති කරයි.

මෙම සුවිශේෂී තාක්ෂණය පිළිබඳ අදහස් දක්වමින්, ඕෂන් ලංකා හි කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය ඔස්ටින් අවුා මෙලෙස පවසා සිටියි.

වියළි කාලවලදී අපගේ සායම් හා සම්බන්ධ සියලුම නිෂ්පාදන කාර්යයන් සඳහා අවශ්‍ය ජලය ලබා ගැනීම සඳහා ජල බවුසර් යොදා ගනිමින් ජලය සපයා ගැනීමට සිදුවනවා. අපගේ සම්පුර්ණ ජල පරිභෝජනය මිනුම් කිරීමෙන් පසු දැකගත හැකි වූයේ, බහු ස්ථර සේදීමේ මෙහෙයුම් (multistage washing operations) වල සැබෑ ක්‍රියාකාරිත්වය, රසායනික පද්ධති මත රඳා පවතින බවයි. මේ හේතුවෙන් සේදීම් ක්‍රියාවලිය ප්‍රශස්ත කිරීම මඟින් සැලකිය යුතු ජල ප්‍රමාණයක් හා ශක්තියක් ඉතිරි කර ගත හැකි බවත් අපට අවධාරණය වුණා.

මෙම ප්‍රතිඵල 2019 වර්ෂයේ දී Ocean Aqua+ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට මුල පිරුණු අතර, අපගේ සේවක කණ්ඩායම් ඉතා කැපවීමෙන් සහ අධිෂ්ඨානයෙන් යුතුව මෙහි සාර්ථකත්වය උදෙසා ක්‍රියා කළා.

Comments